එන්නත් මාත්‍රා 02 එකවර දී ඇත්තේ වැරදිලා… 02කම එකට ගැහුවට අතුරු ආබාධා නැතිලු… සෞඛ්‍ය අංශ කියයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උඩ පේරාදෙණිය යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ එන්නත්කරණ මධ්‍යස්ථානයක දී පේරාදෙණිය ප්‍රදේශයේ සිව්දරු මවකට මොඩර්නා එන්නතේ මාත්‍රා 02 ක් එකම දිනයේ දී ලබාදීම සිදුව ඇත්තේ එන්නත්කරණයේ යෙදුණු පුද්ගලයන්ගේ අතපසුවීම සහ නොසැලකිල්ල හේතුවෙන් බව අනාවරණ වී තිබේ.

මේ වනවිට පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඇය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ කොරෝනා මර්දන එන්නතක මාත්‍රා 02 ම එක් දිනකදී ලබාගත්ත ද ඉන් කිසිඳු සෞඛ්‍ය ප්‍රතිලාභයක් හෝ විශේෂ ආරක්ෂාවක් හිමි නොවන බවත් මාත්‍රා 02 ක් ලබා ගැනීම හේතුවෙන් අතුරු ආබාධ ඇතිවීමක් සිදු නොවන බවත්ය.

කෙසේ වෙතත් යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් මෙම කාන්තාව එන්නත ලබා ගැනීමෙන් පසු නිරීක්ෂණ කාලයේ රැඳී සිට ඇත්තේ ද එන්නත ලබා දෙන ස්ථානයකම බැවින් එන්නත්කරණ සෞඛ්‍ය නිලධාරීන් ඇයගෙන් යළිත් විමසීමකින් තොරව දෙවන වරටත් එන්නත් මාත්‍රාවක් ලබා දී ඇති බව හෙළි වී තිබේ.

ඉකුත් ජනවාරි මාසයේදී ආරම්භ වූ මෙරට එන්නත්කරණ වැඩසටහන අතරතුර මෙවැනි සිද්ධියක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයය.

කෙසේ වෙතත් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්ත ද අතුරු ආබාධ ඇති නොවන බව ලංකාවේ සෞඛ්‍ය අංශ පවසන්නේ ලෝකයේ කිසිම විද්‍යාත්මක පරීක්ෂණයකින් මෙම එන්නත්වල අතුරු ආබාධ පිළිබඳව විධිමත් විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකර නොමැති වටපිටාවකදී ය.

Exit mobile version