එජාපයේ නායකත්වය හැර සෙසු තනතුරු නම් කිරීම ඇරඹේ

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැර සෙසු තනතුරු සඳහා පුද්ගලයින් නම් කිරීම ඉදිරි දෙසතිය තුළ සිදු කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

2021 සමයේ දී පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවන බවට මීට ඉහත දී ඉහත දී ප්‍රකාශ කර තිබුණද පක්ෂයේ ජේෂ්ඨයින්ගේ ඉල්ලීම මත වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් නායකත්වයේ රැඳී සිටීමට තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස රුවන් විජේවර්ධන මහතාත්, උප නායක රවී කරුණානායක මහතාත් මහලේකම් පාලිත රංගේබණ්ඩාර, සභාපති දයා ගමගේ, ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන් ගේ නම් මේ වන විට යෝජනා වී තිබෙන බව එජාපයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.


ලබන සතියේ පැවැත්වීමට නියමිත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ පුළුල්ව සාකච්ඡා කර තීරණයකට එළැඹිමට නියමිත බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් ලංකාසරට සඳහන් කළේය.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක වැඩ කටයුතු ප්‍රමාද වීම පැවැතියද එය ජනවාරි මාසයේ සිට රට පුරා ආරම්භ කිරීමට එම පක්ෂය සැලසුම් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය පත්කර ගැනීමත් සමගම ග්‍රාමීය මට්ටමේ සිට නාගරික මට්ටම දක්වා ජනතාව එක්රැස් කිරීමේ වැඩපිළිවෙළට යොමු වීමට ද එම පක්ෂය සැලසුම් කර ඇති බව ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version