එක් කොවිඩ් ඩෙල්ටා ආසාදිතයෙක් හමුවූ නවසීලන්තය අද සිට දින 03ක් වසා දමයි…

Jasinda-

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත යැයි සැක කෙරෙන එක් කොවිඩ් රෝගියෙක් හඳුනා ගැනීමත් සමග වහාම ක්‍රියාත්මකවන පරිදි රට දින තුනක් වසා දැමීමට නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩර්න් තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද (17) සිට දින තුනක් රට වසා දැමීමට නියමිතය.

කොවිඩ් ආසාදිතව හමුවී ඇති පුද්ගලයා 58 හැවිරිදි ඕක්ලන්ඩ් වැසියෙකි.

ආරම්භක සැලැස්ම ලෙස නවසීලන්තය අද රාත්‍රියේ සිට දින තුනක් පුරාවට වසා තැබීමත්, ඕක්ලන්ඩ් සහ ඒ අසල පිහිටි කොරොමන්ඩල් ප්‍රදේශ සඳහා සතියක් සඳහා සංචරණ සීමා පැනවීමටත් තීරණය කර තිබේ.

බලධාරීන්ගේ දැඩි ප්‍රතිචාරය පිටුපස ඇති ප්‍රධාන සාධකයක් ලෙස සැලකෙන්නේ ඕක්ලන්ඩ් සිද්ධියට කිසිම විදේශ සම්බන්ධයක් හඳුනා ගත නොහැකිවීම බව වාර්තා වේ.

සිය තීරණය ප්‍රකාශ කරමින් නවසීලන්ත අගමැතිනිය කීවේ මාස හයක් තිස්සේ ප්‍රජාව තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවූ බවත්, ඩෙල්ටා වෛරසයට ජන ජීවිතයේ පැවැත්ම වෙනස් කරන්නා වීමට ඉඩ දිය නොහැකි බවත්ය.

වෛරසය පාලනය කිරීමට අපොහොසත් වුවහොත් ලෝකයේ සිදුවූ දේ නවසීලන්තවාසීන් දුටු බව ඇය රූපවාහිනීයෙන් ජාතිය අමතමින් පවසා තිබේ.

නවසීලන්තය කොවිඩ් වෛරසය ඉහළින්ම මර්ධනය කළ ලොව පළමු රටය. මිලියන පහක ජනගහණයෙන් මෙතෙක් වාර්තා වී ඇත්තේ කොවිඩ් මරණ 26ක් පමණි.

Exit mobile version