මේ කොළඹට පැමිණි ඇයයි… ඇය කොළඹ වරායට නුදුරින් නැංගුරම් ලෑවාය. ඉන් පසුව සිදු වු සියල්ල අපි දැන් දනිමු.
දැන් එක්ස්ප්‍රස් පර්ල් නිසොල්මනේ ගිලී යමිනි. සිටි තැනින් නුදුරෙහිම ඇය මුහුදුබත් වෙමින් ඇත. මේ වනවිට ඇයගේ තත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ නිරීක්ෂණය කළේය. ඒ බෙල් 212 හෙළිකොප්ටර් යානාවක් මගිනි.
බොහෝ දේ හිතන්නට ඉතිරි කර ඇය සැකිලි වී ගිලී යන අයුරු සිබුද්ධික මිනිස්සුන් තිගැස්වීමට සමත්ය.
අප කතා කරන පරිසර ව්‍යසනය, ආර්ථික හානිය, වැනි සුලභ සංවාද ප්රවේශයන්ට ඉඩ හසර සැපයූ කරුණුවලට වඩා වැඩි යමක් ඒ ව්‍යසනය තුළ ඇති බැවිනි.
දවස් ගණනක් වරාය ප්‍රවේශයට නුදුරෙහි ගිනිගෙන ඇස් ඉදිරිපිට මෙහොතාන් මොහොත විනාශයට පත් වූ නැවක් මේ කියන්නේ කුමක් ද?. ඊට කියන නම නොහැකියාව ද?
.