උස්සන්ගොඩ වෙරළේ සිට රැල්ල පාගන්නට ගිය 03ක් මහ රළකට හසුව මුහුදට බිලි වේ….

පොහොය දා පන්සලට පැමිණ රැල්ල පාගන්න වෙරළට ගිහින්... 55 හැවිරිදි මවක්, 16 සහ 22 හැවිරිදි තරුණ දරුවන් දෙදෙනෙක් මුහුදට බිලි!

අම්බලන්තොට පොලිස් වසමේ පිහිටි උස්සන්ගොඩ වැලිපටන්විල මුහුදු වෙරළේ රැල්ල පාගමින් සිටි පිරිසක් රැල්ලකට හසුවී අද දහවල් ගසාගෙන ගොස් ඇත.

සිව් දෙනෙක් මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර එක් අයෙක් දිවි බේරාගෙන ගොඩබිමට පැමිණ තිබේ.

55 හැවරදි මවක් 16 හැවිරදි එම මවගේ දරුවා සහ 22 හැවරදි ඥාති පුතෙක් මෙසේ දියඹට ගසාගෙන ගොස් තිබේ.

උස්සන්ගොඩ විහාරස්ථානය වන්දනා කිරීමට පැමිණ රැල්ල පෑගීමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට ඔවුන් මුහුණ දී තිබේ.


විශාල රැල්ලක් ඇවිත් ඔවුන්ව ගසාගෙන ගිය බව සඳහන්ය.

මුහුදට ගසාගෙන ගිය තිදෙනාගෙන් කිසිවෙකුත් සොයාගෙන නැති අතර නාවික හමුදා කිමිදුම් කරුවන් මෙහෙයුමක් ආරම්භකර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.

Exit mobile version