උතුරටම ආදාහනාගාර 02යි.. එක්ක අක්‍රීයයි… කොවිඩ් සිරුරු 11 හරවා යවයි!

දිනසේන රතුගමගේ –

වවුනියාවේ පූන්තෝට්ටම් ආදාහනාගාරය හදිසියේ අක්‍රිය වීම නිසා ආදාහනය කිරීමට රැගෙන එන ලද  කොරෝනා රෝගයෙන් මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 11 ක් ආපසු යැවීමට සිදු වූ බව  වවුනියාව නගර සභාවේ සභාපති ඊ.ගෞතමන් අද ( 31 ) පැවසීය.

පසුගිය දිනවල මෙම ආදාහනාගාරයේ පැව 24 පුරාම මළ සිරුරු ආදාහනය කළ බව කී නගරාධිපතිවරයා හදිසීයේම අක්‍රිය වූ එම ආදාහනාගාරයේ යන්ත්‍ර අලුත් වැඩියාව සඳහා කොළඹින් කාර්මිකයින් පිරිසක් කැඳවීමට සිදුව ඇති බවද පැවසීය.

මේ නිසා ආදාහනාගාරය යථා තත්ත්වයට පත්වන තුරු  මෘත ශරීර ආදාහනය කිරීමට නොහැකි බැවින්  යළි දැනුම් දෙන තුරු මළ සිරුරු රැගෙන  නො එන ලෙස වවුනියාව මන්නාරම හා මුලතිව් රෝහල් බලධාරීන්ට තමන් දැණුම් දුන් බවද නගරාධිපතිවරයා පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුරු පළාතේ පිහිටා ඇත්තේ ආදාහනාගාර දෙකක් පමණක් වන අතර ඉන් එකක් යාපනයේ පොම්මාවේලී ප්‍රදේශයේද අනෙක වවුනියාවේ පූන්තෝට්ටම ප්‍රදේශයේද පිහිටි අතර කොරෝනා රෝගයෙන් මියයන වවුනියාව මන්නාරම හා මුලතිව් යන පළාත්වල රෝගීන්ගේ මළ සිරුරු වවුනියාවේද  යාපනය හා කිළිනොච්චිය ප්‍රදේශයේ රෝගීන්ගේ මළ සිරුරු යාපනයේදීද ආදාහනය කෙරුණි.

Exit mobile version