උකුවෙල පොහොට්ටු මන්ත්‍රී ග්‍රාමසේවකට ගහලා… මාතලේ සියලුම ග්‍රාම නිලධාරීවරු වර්ජනයක…

තමන් සමග ජීවත්වන සිය සීයාට සහ ආච්චීට හුදකලා කළ පුද්ගලයන් වෙත ලැබෙන බඩු මළු දෙක නොලැබුණු බව කියමින් උකුවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් ග්‍රාම නිලධාරියෙකුට පහර දීම නිසා ඊයේ සිට මාතලේ සියලුම ග්‍රාම නිලධාරීවරු සේවයෙන් බැහැරව සිටිති.

අද දින මේ සඳහා විසඳුමක් නොලදහොත් මෙම වර්ජනය දිගටම පවත්වා ගැනීමට සූදානම් බව ග්‍රාම නිලධාරීවරු කියති.

මේ වනවිට පහර කෑ ග්‍රාම නිලධාරීවරයා රෝහල්ගත වී ඇත.


එමෙන්ම ඊට විරෝධය පාමින් දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල බඩුමලු බෙදා දීමෙන්  උකුවෙල සමෘද්ධි නිලධාරීන්   ඉවත් වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පහර දීම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහාකර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තරයේ හෙළා දකින බව රත්තොට ප්‍රාදේශීය ලේකම් දිනිප්‍රිය හේරත් ප්‍රකාශ කරයි.

Exit mobile version