ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 04යි… ආසාදිත පුද්ගලයන් ගණන 683යි…

ඊයේ (15) දින තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.  කිරිබත්ගොඩ පදිංචි අවුරුදු 90ක් පමණ වයස කාන්තාවක්, කොළඹ 19 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 75 වියැති පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබේ. කොළඹ 15 ප්‍රදේශයේ පුද්ගලයා මියගොස් තිබුණේ නිවසේදීම ය.

මේ වනවිට ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 255කි.

එමෙන්ම ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන්  683ක් වාර්තා විය. ඒ අතර බන්ධනාගාර රැඳවියෝ 03ක් වූහ ඊයේ වන විට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිත සංඛ්‍යාව 47810ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ පිළිබඳව රජය නිකුත් කළ සියලු නිවේදන පහත දැක්වේ.

Exit mobile version