ඉන්ධන ලබා දීමේ දී ඇමතිගෙන්  ත්‍රී රෝද රථ සඳහා  දැඩි කොන්දේසි…

49CC වාහනත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුයි... ජෙනරේටර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුයි!

සියලුම ත්‍රීරෝද රථ භාවිතා කරන්නන්ට ජූලි 31 දිනට පෙර තම ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි වී, තම ත්‍රීරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා එක් පිරවුම්හලක් නම් කරන ලෙස බලශක්ති ඇමති කාංචන විජේසේකර ට්වටර් පණිවිඩයක් මගින් දන්වා ඇත.

අගෝස්තු 01 වනදා සිට ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන නිකුත් කරන්නේ එසේ ලියාපදිංචි වී, තමන් තෝරාගන්නා ලද නිශ්චිත ඉන්ධන පිරවුම්හලෙන් පමණක් බවත්  විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසයි.

මේ පියවර ගෙන ඇත්තේ අද ඇතිවී තිබෙන ඉන්ධන හිඟය වඩාත් උග්‍ර වී ඇත්තේ ඉන්ධන ගබඩා කිරීමේ මාෆියාවට සම්බන්ධවී සිටින ත්‍රී රෝද රථ හිමියන් නිසා බවට තොරතුරු අනාවරණය වි ඇති නිසා බව වාර්තා වේ.

එමෙන්ම  උද්‍යාන උපකරණ, ජනක යන්ත්‍ර සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිතා කරන්නන්ගෙන් සතිපතා ඉන්ධන අවශ්‍යතා සමඟ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තම අවශ්‍යතා ලියාපදිංචි කරන ලෙසත් ඉන්ධන ලබා ගැනීම සඳහා    ඉන්ධන පිරවුම්හල් ක් නම් කරන ලෙසත් ඇමතිවරයා දන්වයි.


චැසි අංකය සමඟ ලියාපදිංචි විය නොහැකි වාහන භාවිත කරන්නන්ට සිකුරාදා සිට ආදායම් බලපත්‍රය සමඟ ලියාපදිංචි විය හැකි බවත් ඇමතිවරයා දන්වයි.

49CC බයිසිකල් භාවිතා කරන්නන් ඔවුන්ගේ බලපත්‍ර ලබා ගැනීමට සහ ජාතික ඉන්ධන බලපත්‍රය   සඳහා ලියාපදංචි වීමට     මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවත් අමාත්‍යවරයා දන්වයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

Exit mobile version