කාබුල් ගුවන්තොටුපල අසල එල්ලවූ ප්රහාරයන් හී වගකීම බාරගත් අයි එස් අයි එස් කේ සංවිධානයට සම්බන්ධ සැලසුම්කරුවකු ඉලක්කකර ඇමරිකානු හමුදා විසින් ගුවන් ප්රහාර එල්ලකර තිබේ.
කාබුල් නගරයට නැගෙනහිරින් පිහිටි පාකිස්තානය දේශසීමාවන්ට ආසන්න නන්ගර්හාර් පළාතේදී ඩ්රෝන් යානා යොදාගනිමින් මෙම ප්රහාරය එල්ලකර ඇත.
ප්රහාරයෙන් ඉලක්කය සාර්ථකව විනාශ කළ බවත් එහිදී කිසිදු සිවිල් වැසියෙකු මරණයට පත්ව නොමැති බවත් ඇමරිකාව ආරක්ෂක අංශ සඳහන් කරයි.
පසුගියදා කාබුල් ගුවන්තොටුපල ආසන්නයේ එල්ලවූ ප්රහාර වලින් සියයකට අධික පිරිසක් මරණයට පත් වු අතර එහිදී ඇමරිකානු ආරක්ෂක අංශ සාමාජිකයින් 13 දෙනෙකුද මරණයට පත් විය.
කාබුල් ප්රහාරයට පෙර බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබිණි.
ප්රහාරයෙන් පසුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ප්රහාර වගකිවයුතු සියලුම පාර්ශ්වයන් අත්නොහරින බවද ප්රකාශ කර තිබිණි.
කෙසේවෙතත් ඇමරිකානු ගුවන් ප්රහාර එල්ල කළ පුද්ගලයා කාබුල් ප්රහාරයට සම්බන්ධ ද යන්න නිශ්චිතව පැහැදිලි සඳහනක් වාර්තා නොවේ.