ඇස්ට්‍රා සෙනිකා එන්නත පළමු මාත්‍රාව සේ ලබා ගත් අයට දෙවන මාත්‍රාවට වෙනත් එන්නතක්?

A nurse uses a syringe to draw from a vial of the Covishield vaccine, developed by Oxford-Astrazeneca Plc. and manufactured by Serum Institute of India Ltd., at a vaccine center in the Bandra Kurla Complex hospital in Mumbai, India, on Saturday, Jan. 16, 2021. India launched one of the worlds largest coronavirus vaccination drives on Saturday, setting in motion a complex deployment plan aimed at stemming the wide spread of infections across a nation of more than 1.3 billion people. Photographer: Dhiraj Singh/Bloomberg via Getty Images

ඉන්දියාවේ උද්ගත වී ඇති තත්වය හේතුවෙන් ඇස්ට්‍රා සෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ගත් පුද්ගලයින් වෙත දෙවන මාත්‍රාව ලෙස වෙනත් කොවිඩ් එන්නතක් ලබා දිය හැකි දැයි සංවාදයක් ඇති වී තිබෙන බවත්,  පළමු මාත්‍රාව එක එන්නත් වර්ගයකින් ලබාදී දෙවැනි මාත්‍රාව වෙනත් එන්නත් වර්ගයකින් ලබාදීමට හැකියාව ඇත්දැයි සෙවීමට මේ දිනවල පරීක්ෂණ පැවැත්වෙන බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර පැවසීය.

එසේ ලබා දිය හැකි යැයි පරීක්ෂණවලදී තහවුරු වුවහොත් වෙනත් එන්නතක් ගෙනැවිත් දෙවන මාත්‍රාව හැටියට ලබාදීමට හැකියාව තිබෙන බවද ඔහු කීය.

ඇස්ට්‍රා සෙනිකා දෙවෙනි මාත්‍රාව ලබා දීම සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් අවශ්‍ය වන බවත් එය සපයා ගැනීම සඳහා විවිධ රටවල් සමග සාකච්ඡා කර ගෙන යන බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  පවසා තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ කොවක්ස් පහසුකම යටතේ මැය මස  මුල ලැබීමට නියමිතව තිබූ එන්නත් මාත්‍රා ලක්ෂ දහය ප්‍රමාද වීමට ඉඩ ඇති බව ඇය කීවාය.

Exit mobile version