ඇමරිකාව තුල ෆයිසර් එන්නතට සඳුදා වනවිට පූර්ණ අනුමැතිය ලැබෙන ලකුණු

ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂද අධිකාරිය විසින් ෆයිසර් එන්නතට පූර්ණ අනුමැතිය හෙට සඳුදා (23) දිනයේදී ලබාදීමට බොහෝවිට ඉඩ පවතින බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව මේවන විට අදාල අනුමැති ලබාදීමේ සම්බන්ධ ලිපිගොනු සකස් කිරීම අවසාන අදියරේ පවතින බවද නිව්යෝර්ක ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබේ.

ෆයසිර් එන්නතට පූර්ණ අනුමැතිය ලැබීමත් සමඟම මෙතෙක් කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීමට මැලිකමක් දැක්වූ විශාල පිරිසක් ඉදිරි දිනවලදී එන්නත ලබාගැනීමට ඉඩ ඇති බවට විශ්වාසය පළකර ඇත.


ඇමරිකා එක්සත් ජනපදය තුල කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීම අනිවර්ය කිරීමට බලධාරීන්ට පැවති බාදාවද ඉදිරියේදී අවසන් වනු ඇති බවට අපේක්ෂා කරන බවද ඇමරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ අතර එන්නතට පූර්ණ අනුමැතිය ලැබීමත් සමඟම ඇමරිකානු ආරක්ෂ අංශ විසින් සිය සියලුම සාමාජිකයින් එන්නත ලබාගැනීමට අනිවර්ය කිරීමට බලාපොරොත්තු වන බවද වාර්තා වේ.

ඒ අනුව ඉදිරියේදී වෛද්‍යවරුන්ට කිසිඳු නීතිමය බාදාවකින් තොරව ෆයිසර් එන්නත නිර්දේශ කිරීමට අනුමැතිය ලැබීමටද නියමිත අතර එමගින්ද ඇමරිකාව තුල එන්නත්කරනය වේගවත් වීමට ඉඩ පවතින බවද සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබේ.

ඕනෑම ඇමරිකානු වැසියෙකුට කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීමට අවස්ථාව මේවන විටත් පැවතියද සැලකිය යුතු ජනගහනයක් එන්නත් ලබාගැනීමට ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් නිර්මාණය වී ඇත.

එමෙන්ම ඇතැම් ප්‍රාන්ත තුල මුඛ ආවරණ පැලදීමද අනිවාර්ය කරන නොමැති තත්ත්වයක් පවතින බැවින් ඇමරිකාව තුල මේවන විට ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරයමින් පවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපද දත්ත වලට අනුව එරට වයස අවුරුදු 18 වැඩි ජනගහනයෙන් සියයට හැටකට ආසන්න පිරිසක් පූර්ණ එන්නත්කරණයකට ලක්ව ඇත.

Exit mobile version