ආනයනික පිටි මිල වැඩි කළාට බේකරි නිශ්පාදනවල මිල වැඩි වෙන්නේ නෑ… බේකරි හිමියෝ කියති!

කීර්ති ප්‍රනාන්දු –

ආනයනික තිරිගු පිටි මිල වැඩි කළාට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ .ජයවර්ධන පවසයි .

තිරිඟු පිටි නිෂ්පාදනය කරන මෙරට සමාගම් දෙක පිටි මිල වැඩිකළොත් පමණක් බේකරි නිෂ්පාදන වල මිල වැඩි කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය .

ආනයනික තිරිඟු පිටි සම්බන්ධව සමස්ත බේකරි වලට කිසිදු ප්‍රශ්නයක් නැතැයි පවසන ජයවර්ධන මහතා මෙරට බේකරි වලින් සියයට 75 කට වඩා පිටි මිල දී ගනු ලබන්නේ මෙරට සමාගම් දෙකේ පිටි බවත් පැවසීය .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමාගම් දෙකෙන් තිරිගු පිටි කිලෝවක් රුපියල් 210, 215 මිල ගණන් වලට බේකරි වලට ලැබෙන බවද  ඔහු  කියා සිටියේය


Exit mobile version