ආණ්ඩුව  ප්‍රාඩෝ ජීප් 225ක් ඇතුළු වාහන 400ක් හදිසියේ ගෙන්වීමට සැරසෙයි

කොවිඩ් වසංගතය හේතුවෙන් මතුව ඇති ආර්ථික අර්බුද හමුවේ වාහන ආනයනය සම්පූර්ණනේම නවතා ඇති පසුබිමක් තුළ රජය ටොයොට්‍ ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ ජීප් 225ක් ඇතුළු වාහන 400ක් ආනයනය කිරීම සඳහා පියවර ගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය.

වර්තමාන හදිසි තත්ත්වය මත ගිලන් රථ, ජල බවුසර සහ ඩබල් කැබ් රථ ගෙන්වන අතරේ මෙම වාහන 225 ගෙන්වීමට අදාළ මූලික කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බව මෙම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

ලංකා බැංකුවෙන් ලබා ගන්නා කල් බදු පහසුකමක් යටතේ මෙම වාහන ගෙන්වීමට කටයුතු කෙරෙන අතර අදාළ කල්බදු වාරික ගෙවීමේ කටයුතු භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පවරා ඇති බව වාර්තා වේ. දැනට ආනයනය සම්බන්ධයෙන් බලපැවැත්වෙන දින 180ක ඉදිරි ණයවර විවෘත කිරීම් මත මෙම වාහන ආනයනය කිරීමට රජය සූදානම් වන බවත් කල්බදු සඳහා සියයට 7.5ක වාර්ෂික පොලී අනුපාතිකයක් ලබා දිමට ලංකා බැංකුව මේ වනවිට එකඟතාව පළ කර ඇති බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් විසින් මෙසේ ගෙන්වන වාහන අතර ටොයොටා හයිඒස් ගිලන් රථ 50ක්, හිනෝ වතුර බවුසර 50ක් ටොයොටා හයිලක්ස් ඩබල් කැබ් 50ක් සහ ටොයොටා ලෑන්ඩ් කෘෂර් ජීප් 225ක් ඇතුළත්ය.


ටොයොටා ලංකා සමාගම සමඟ මේ වනවිට අදාළ කටයුතු කෙරී ගෙන යන අතර එම සමාගම මෙම ගනුදෙනුව සමග වතුර බවුසර් 04ක්, ඩබල් කැබ් රථ 19ක් සහ ප්‍රාඩෝ ජීප් රථ 04ක් නොමිලයේ ලබා දීමටද එකඟව ඇති වව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වසංගත තත්ත්වය මැද මෙම වාහන 400 ගෙන්වීමට කටයුතු කරමන් සිටින අතර එහිදී ගිලන් රථ වතුර බවුසර සහ ඩබල් කැබ් රථ මැද මෙසේ මිල අධික සුඛෝපභෝගී ජීප් රථ 225ක් හදිසියේ ආනයනය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ද යන සැකයක් මතුව ඇතයි ද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version