ආණ්ඩුවේ සමාගමක කොටස් තම නමට ලියාගත්තැයි භාණ්ඩාගාර ලේකම්ට එරෙහිව පැමිණිල්ලක්

මුදල් අමාත්‍යංශය සහ භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතාට එරෙහිව මෙරට ප්‍රමුඛතම පෙළේ වෘත්තීය සමිති ගණනාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඇතුළු වගකිවයුතු ආයතනවලට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙරට අධිවේගී මාර්ග කළමනාකරණය සහ පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව ස්තාපනය කරන ලද සහස්‍යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් නමැති ආයතනයේ කොටස් අයිතිය 100%ක්ම භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ පැවතිය යුතු බවට කැබිනට් තීරණයක් තිබියදී එම කොටස් ආටිගල මහතා තව පෞද්ගලික අයිතියට නතු කර ගෙන ඇති බවත් එයින් ඔහු රටේ නීතිය උල්ලංඝනය කිරීම සහ රජයේ සහ මහජන විශ්වාසය පළුදු කළ බව මෙම ලිපියෙන් කරුණු ඉදිරිපත් කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීයවේදීන්ගේ සංවිධානය (OPA), ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලංකා බැංකු සේවක සංගමය රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමය මව්බිම ලංකා පදනම, ඉංජිනේරු සංගමය, ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු සංවිධාන 24කගෙන් සැදුම් ලත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ මෙම පැමිණිල්ල යොමු කොට ඇත.


ඒ අනුව ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ දැනටත් භාණ්ඩාගාර ලේකම් ධුරය දරන සජිත් රුචික ආටිගල මහතා අල්ලස් පනතේ 70 වන වගන්තිය, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1,3,4 හා ආශ්‍රිත වගන්ති ව්‍යවස්තාවේ මහජන මුදල් කළමනාකරණය පිළිබඳ සහ ජාතික විගණන පනත වගන්ති උල්ලංඝනය කරන ආකාරයෙන් කටයුතු කර ඇතිවාක් මෙන්ම 4 වන ව්‍යවස්ථාව යටතේ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් දෙන ලද දිවුරුමද උල්ලංඝනය වන ආකාරයට ඔහු කටයුතු කර ඇති බැවින් මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස එම සංවිධාන සමූහය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් කණිෂ්ක විජේරත්න මහතා වෙත ඊයේ ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සංගමය,සමාගම් රෙජිස්ටාර්වරයා වෙත සහ සුරැකුමත් සහ විනිමය කොමිශන් සභාවට ද මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Exit mobile version