අසාධ්‍යයි යැයි කී තෙවරප්පෙරුම කතක් වෙනුවෙන් කලගෙඩිහේනේ යකා නටයි

හෘද රෝගී තත්වයක් නිසා බරපතල අඩියක පසුවෙතැයි කී යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් මෙන්ම හිටපු එජාප මන්ත්‍රී වරයෙක් වූ පාලිත තෙවරප්පෙරුම පසුගිය 26 වැනිදා මැරයන් පිරිසක් සමග වීරඟුල පොලිස් වසමට අයත් කලගෙඩිහේන මංගලසිරි පාරේ ඉඩමකට බලහත්කාරයෙන් කඩා වැදී ඉඩම් හිමියන්ට මරණීය තර්ජන එල්ල කර ඉඩමේ කම්බි කණු ගලවා පටවාගෙන ගිය පුවතක් ලංකාසරට වාර්තා වේ.

ඒ සම්බන්ධව වාර්තාවන සිද්ධිය මෙසේය.
මීට වසර 15 පෙර ඉඩම් හිමියෙක් විසින් අඩි 14ක පාරක් සහිතව අලෙවි කළ ඉඩම් කැබලි දෙකක් කලගෙඩිහේනේ මංගලසිරි පාරෙහි තිබිණි.

අවුරුදු 15ක් තිස්සේ මේ පාර පුද්ගලික පාරක් සේ දෙපාර්ශවය භුක්ති වින්දහ. එහෙත් පසු කාලයක පාර මැණ බලද්දී එහි අඩි දෙකක් එක් ඉඩමකින් වැඩිපුර ලකුණු වී ඇති බව පෙනුණි.


ඒ සඳහා අවශ්‍ය කටයුතු දෙපාර්ශවය විසින් සාකච්ඡා කරමින් සිටිය දී ඉතා අනපේක්ෂිත ලෙස පාලිත තෙවරප්පෙරුම හිටපු මන්ත්‍රීවරයා මැර පරිසක් සමග ගැටලුව පවතින ස්ථානයට කඩා පැණ තිබේ.

පාලිිත තෙවරප්පෙරුම මේ ඉඩම් ප්‍රශ්නයට සම්බන්ධ පාර්ශව කරුවෙක් නොවුනත් ගැටලුවට සම්බන්ධ එක් කාන්තාවකගේ මැදිහත් වීම මත ස්ථානයට කඩා පැන ඇතැයි හෙලි වී තිබේ.

ඉඩමට ඇතුළු වූ ඔහු අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් පාරට මායිම්ව තිබූ ඉඩමේ කම්බි කණු ගලවා කැඩූ කම්බිකණු WP PA 6451 අංක දරන වාහනයට පටවා ඇත. අනතුරුව අසභ්‍ය වචනයෙන් බනිමින් ඉඩම් හිමියන්ට මරණීය තර්ජන එල්ල කර ඇතැයි කියැවේ. අනතුරුව කම්බි කණුත් පටවාගෙන ඔහු සිය මැරයන් සමග පිටවී ගිය ආකාරයඉඩම් හිමි අගතියට පත් පාර්ශවය එදිනම වීරඟුල පොලිසියට පැමිණිලි දෙකක් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ දේපලවලට හානි කිරීම හා අයුතු ලෙස භූමියට ඇතුළු වීමය සම්බන්ධවය. පසුගිය සෙනසුරාදා (27) දෙපාර්ශවයටම පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නත් හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පොලිසිය මග හැර ඇත.

Exit mobile version