අවසන් රන්දෝලි පෙරහරේ අලි කුළප්පුවක්… ඇතුන් මත සිටි 03ක් රෝහලේ…

ඉතිහාසයේ පළමු වරට පෙරහර විසිරෙයි....

අලි කුලප්පුව

ඉතිහාසයේ පළමු  වරට මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ ගමන් කරමින් සිටිය දී     විසිර ගියේය.  ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කරමින් සිටියදී සියලු සම්ප්‍රදාය න් බිද දමමින් දළදා විථියෙ කොටුගොඩැල්ල වීථිය ට හැරෙන මං සන්ධියේදී නර්තන කණ්ඩායම් පන්දම් කරුවෝ සී සීකඩ විසිර ගියහ.

ඒ සිවුමහා දේවාල පෙරහර ට එක්කාසු වීමට සූදානම් වී සිටි කතරගම දේවාලයේ අලි ඇතුන් හය දෙනෙක් කුලප්පු වෙමින් දළදා මාළිගාවේ පෙරහැර දෙසට දිවගිය නිසාය.

පෙරහර සජීවී විකාශයක් නිසා මේ තත්තවය   සංසංකරණය කරමින් පෙරේදා ගමන්ගත් කතගරගම පෙරහරේ දර්ශන විකාශය කිරීමට රූපවාහිනී අංශ කටයුතු කර තිබිණි.


එම අවස්ථාවේ ඇතුන් මත සිටි පුද්ගලයින් තිදෙනෙක් බිම් වැටී මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබිණි.

රෝහල් ගත වූයේ.. වයස අවුරුදු 24ක් වූ පිළිමතලාවේ පදිංචි පී එල් රණතුංග , වයස අවුරුදු 23 ක් වූ කටුගස්තොට පාරේ පදිංචි ටී එස් චන්ද්‍රරත්න , සහ වයස අවුරුදු 35 ක් වූ මුල්ගම්පොල පදිංචි ඒ කේ දයානන්ද යන අයය.

රාත්‍රී 9.30 ට පමණ රෝහල්ගත කොට එක්ස්කිරණ පරික්ෂණ ද සිදු කොට පැය තුනකට ආසන්න කාලයක් රෝහලේ රදවා තබා ප්‍රතිකාර කිරීමෙන් පසුව තිදෙනා නැවත දේවාලය වෙත යවා තිබිණි.

ඇත් අලිි කුලප්පුව හේතුවෙන් පෙරහැර ගමන්මග පැයකට ආසන්න කාලයක් නතරව තිබිණි.

පෙරහැර සජීවීව විකාශනය වූ බැවින් ලංකාවාසී ලෝක වාසී ජනතාව ට බාධා වෙතින් තොරව පෙරහර නැරඹීමට සැලැස්වීමට සංවිධායක කමිටුව පියවර ගෙන තිබිණි.

පෙරහර සජීවි විකාශය සදහා රූප ගත කරන ස්ථානයෙන් පිටතට යන තෙක් විෂ්ණු දේවාලයේ පෙරහර පටත් කර යවා අඩුවක් නොදැනෙන සේ පෙරදින ගමන්ගත් කතරගම දේවාලයේ පෙරහර වීඩියෝව විකාශන ය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව නැවත පත්තිනි දේවාලයේ පෙරහර ද විකාශනය කර ඇත.

Exit mobile version