අයි ඩෝන්ට් නෝ වයි මෙහෙම වෙන්නේ ඇයි? – උදය ගම්මන්පිල අහයි

 

ඉන්ධන මිල වැඩිවන තත්ත්වයට පත්වීමේ වගකීම තමන් භාර ගත යුතු බවට ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ඊයේ කළ ප්‍රකාශය පිළිබඳව එම පක්ෂයේ නායකයා ලෙස සැලකෙන මහින්ද රාජපක්ෂ අගමැතිවරයාවත් එම පක්ෂය බිහි කළ පළමු ජනාධිපතිවරයා වන ගරු ජනාධිතිතුමා  හෝ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් හෝ දැන නොසිටි බවත් පක්ෂයක් වෙනුවෙන් එවැනි ලිපියක් නිකුත් කිරීමට පොදුජන පෙරමුණේ ලේකම්ට ලැබුණේ කාගේ බලයක්ද යන්න පුශ්නයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අද (13) තම අමාත්‍යංශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඔහු තමන්ට පොදුජන පෙරමුණේ මධ්‍යම කාරක සභා සභිකයින් පවා මෙම ලිපිය ප්‍රචාරය වීමෙන් පසුව අමතා තමන් පොදුවේ එවැනි තීරණයක්නොගත් බව සඳහන් කළ බවද පැවසීය.  එහිදී ඔහු තවදුරටත් සඳහන් කලේ අයි ඩොන්ට් නෝ වයි එහෙම වෙන්නේ ඇයි යනුවෙනි.

“සාගර කාරියවසම් මේ පහර දෙන්නේ මට නොවේ. පොදුජන පෙරමුණේ නායකයා ලෙස සලකන අගමැති මහින්ද රාජපක්ෂ මහතාටයි පක්ෂය පත්කරගත් පළවෙනි ජනාදිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාටයි. සාගර කාරියවසම් මේ නිවේදනය කළේ අඩුම තරමින් සභාපති ජීඑල් පීරිස් මහතාගේ දැනුවත්වීමටවත් නෙවෙයි. එතකොට කාගේ බලයක් අරගෙන ද මේක කළේ?”


තෙල් මිල වැඩඩිවීම පිළිබද තීරණය පසුගිය ජූනි මස 10 වැනිදා පැවති ජීවන වියදම් කමිටුවේදී ගත් එකක් බවත් එම කමිටුවට ජනාධිපතිතුමා අගමැතිතුමා, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ඩලස් අලහප්පේරුම, නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් සමඟ තමන්ද එක්වූ බවත් එම තීන්දුව ගැනීමෙන් පසුව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාක්‍ය මහින්ද රාජප්ෂ මහතා අත්සන් කල බවත් සඳහන් කළ අතර එය කිසිසේත් තනි තීන්දුවක් නොවන බව පෙන්වා දුන්නේය.

තමන් මේ වනවිට බලශක්ති අමාත්‍යවරයා වශයෙන් ක්ෂේත්‍රෙය් වර්ධනය සඳහා විශාල සේවයක් කර ඇති බවත් ශ්‍රි ලංකාවේ ඛනිජ තෙල්ගවේෂණය , වසර 52ක ටපසුව දැවන්ත ආයෝජනයක් කරමින් තෙල් පිරිපහදුවක් සැකසීම ඇතුළු පියවර ගණනාවක් ගත් බව ද පෙන්වා දුන් අතර පසුගිය නොවැම්බර් මාසයේ සිට ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල වැඩිවුවද එම බර ජනතාවට නොදී රජයේ බදු මුදල්වලින් අඩුකරගෙන ගියද තවදුරටත් එවැනි තත්ත්වයක් සිදු කළ නොහැකි තැන මෙසේ ඉන්ධන මිල වැඩි කිරීම කටයුතු බව හෙතෙම තවදුරටත් පෙන්වා දුන්නේ ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම එවැනි තීරණාත්මක පියවර ගණනාවක් ගත් ඔහු අසාර්ථක අමාත්‍යවරයකු ලෙස තහවුරු කිරීමට ප්‍රමාණවත් කරුණු රැගෙන ප්‍රසිද්ධ විවදායකට එන ලෙසද ගම්මන්පිල අමාතයවරයා සාගර කාරියවසම් මහතාට අභියෝග කළේය.

Exit mobile version