අයි.එම්.එෆ්. ණයක් ගන්නැයි ඇමෙරිකානු තානාපතිනිය බැසිල්ට කියයි

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නා ලෙස තමන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රජය දැනුවත් කළ බව ශ්‍රි ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් පවසයි. අද ඩේලි මිරර් පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් අමෙරිකානු තානපතිනිය පවසන්නේ ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයකු වන බැවින් එහි වාසිය ශ්‍රි ලංකාව ලබා ගත යුතු බවය.

“ මේ මොහොතේ ශ්‍රි ලංකාව සිටින තත්ත්වය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනක් වැනි මූල්‍ය උපකරණයක් අවශ්‍යයි. මේ නිසා මම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී රජයට අවධාරණය කළේ මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ට ගිහින් ශ්‍රි ලංකාවට ගැලපෙන වැඩ සටහනක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කියලයි. එයින් ශ්‍රි ලංකාවට ස්ථාවර අඩිතාලමක් දමා ගත හැකි වේවි යයි මම විශ්වාස කරනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී මුදල් අමාත්‍යවරයා සම ඟකළ සාකච්ඡාව පිළිබඳව තවදුරටත් විස්තර කරමින් ඇය පවසා ඇත්තේ ශ්‍රි ලංකාවේ ඇමෙරිකානු ආයෝජන වර්ධනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද කතා බහකළ බවය. එහිදී ඇමෙරිකානු ආයෝජකයන් මෙරටට පැමිණෙන්නේ නම් ඔවුන්ට ශ්‍රි ලංකාව කෙරෙහි අනාගත විශ්වාසය තහවුරු කරවන පසුබිමක් රට තුළ තිබිය යුත බවත් ව්‍යාපාරකරණයේ පහසුව, සහ දූෂණය වංචා සම්බන්ධ ගෝලීය දර්ශකවල ශ්‍රි ලංකාව හැකි තාක් ඉදිරියට පැමිණිය යුතු බවද පෙන්වා දුන් බව සඳහන් කර ඇත.


Exit mobile version