බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 අපනයන විවිධාංගීකරණ සහ අගය එකතු කළ කෘෂි නිශ්පාදනවලට සහන… ජනපති පවසයි!

by editor
අගෝස්තු 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. 

රජයන් ඇත්තේ කර්මාන්ත අපහසුතාවට පත් කිරීමට නොව පහසුකම් සැලසීමට බවත්, නීති රීති සම්පාදනයේදී අදාල ක්ෂේත්‍ර සමඟ සහ සම්බන්ධතාවක් පවත්වාගෙන යාම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමාණවත් කාලයක් ලබා දීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක   මේ බව සඳහන් කළේ කෘෂි සහ ආහාරපාන ක්ෂේත්‍රයට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, අපනයන, බදු සහන, ප්‍රතිචක්‍රීකරණය සහ කර්මාන්ත පවත්වාගෙන යාමේදී බලපාන නීතිමය තත්ත්වයන් පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ගුණාත්මක, කෘෂි සහ ආහාරපාන නිෂ්පාදන අඛණ්ඩව පාරිභෝගිකයා වෙත ලබා දීම පිළිබඳව මෙන්ම එම කර්මාන්තයට අදාළ කටයුතුවලදී ව්‍යාපාරිකයන් මුහුණ දී සිටින ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඊට අදාළ ඔවුන්ගේ අදහස් හා යෝජනාද සාකච්ඡාවට ලක්විය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

සෑම නිෂ්පාදනයකම මිල තීරණය කරනුයේ නිෂ්පාදකයා වන නමුත් කෘෂි නිෂ්පාදනවලදී පමණක් ගැනුම්කරුවන් විසින් මිල තීරණය කිරීමට කෘෂි ක්ෂේත්‍රයේ අසංවිධිත බව  හේතු වී ඇති බවත්, නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ළඟා වීමේදී විධිමත්භාවයක් දක්නට නොමැති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම ගැටලු විසඳා ගැනීමට රජය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

කෘෂි භෝග, කිරි හා සත්ව නිෂ්පාදන වෙළෙඳපොළ පුළුල් කිරීමට පෞද්ගලික අංශයේ පූර්ණ සහය ලබා ගැනීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් නිෂ්පාදනයන්ට අගය එකතු කිරීමේ කාර්යභාරය ව්‍යවසායකයන්ට පැවරී ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන්  රජයක් ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

තවද, පශු සම්පත් ක්ෂේත්‍රය කර්මාන්තයක් ලෙස සංවර්ධනය නොවීම හේතුවෙන් එහි ඵලදායිතාවක් ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර පශු සම්පත්  කර්මාන්ත නගා සිටුවීම සහ නිෂ්පාදන බෙදාහැරීම විධිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා විය.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ   සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්ද, කෘෂි සහ ආහාරපාන ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක්ද මීට එක්ව සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට ගත් පද්මේ ඇතුළු අපරාධකරුවන් හෙට දිවයිනට…

Next Post

අයථා අයුරුන් විදේශ සවාරි ගිය පාර්ලිමේන්තු ප්‍රධානියෙක් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 10ක් ගැනත් විමර්ශන ඇරඹෙයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.