අතිරේක මහේස්ත්‍රාත් විසින් ඇප දුන් මහනුවර පුද්ගලික පාසලේ වධක ගුරුවරුන්ව යළි කැඳවා රක්ෂිත බන්ධනාගාර ගත කරන්න… පොලිසියෙන් මෝසමක්!  

මහනුවර බොක්කාවල මොරන්කන්ද ප්‍රදේශයේ නේවාසිකව අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා පහසුකම් සලසන පෞද්ගලික පාසලක   අධ්‍යාපනය ලබමින් සිටි ළමුන් පිරිසකට අමානුෂික ලෙස පහර දී වධ හිංසා සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ ලැබ සිටිය දී මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි විසින් ඊයේ (15) ඇප මත මුදා හැරීමට නියෝග කළ  විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු හය දෙනා නැවත කැඳවා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර පොලිසිය විසින් අද  අධිකරණය හමුවේ මෝසමක් ගොනු කිරීමට සූදානම් වේ.

මෙම ඇප ලබා දීම සිදු වී ඇත්තේ ළමා හා කාන්තා කාර්යාංශය නොවිමසා පොලිසිය නොකැඳවා බව දැනගත් පසු මහනුවර පොලිස් ප්‍රධානීන් එක් වී කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුව පොලිසිය පාර්ශවයෙන් ගෙන තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු ඊයේ (15) පොලිසිය ද නොකැඳවා  ඔවුන්ට ඇප ලබා දීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා පියවර ගෙන තිබීම විවාදාපන්න විය.

ඇප මත මුදා හරිනු ලැබූ සැකකරුවන්ට යළිත් මෙම මස 20 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


මෙලෙස ඇප නියම කරනු ලැබුවේ පී.ඩබ්ලිව්.සුජීව සම්පත් ලේකම්ගේ,එච්.ජී නුවන් ප්‍රදීප් පෙරේරා,පී.ජී පියතිස්ස,ශාන්ත බණ්ඩාර දිසානායක,හිමාෂි හංසිකා ගුණසේකර,කේ.ඩබ්ලිව් ප්‍රසාංග මොනෝජා දිල්හාරා නැමැති අයය.

වයස අවුරුදු 15-17 වයසේ පසුවන සිසුන් පස් දෙනෙකුට හා සිසුවියන් පස් දෙනෙකුට පහර දී හිංසා කිරීම යන චෝදනා සැකකරුවන්ට එල්ල වී වූයේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පහර කෑමට ලක් වූ දරුවන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබිණි.

Exit mobile version