අත්‍යාවශ්‍ය සේවා සහ පාසල් හැර  රජයේ සියලුම සේවාවන්ට මේ  සතියේ සිට සිකුරාදා නිවාඩු – කැබිනට් අනුමැතිය ලැබෙයි!

FRIDAY

මේ සතියේ සිට ඉදිරි මාස තුනක් සඳහා    සෑම සිකුරාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවාවලට, සෞඛ්‍යය හා අධ්‍යාපන ක්ෂේත්‍රය හැර අනෙක් සියලුම රාජ්‍ය කාර්යාලවලට සෑම සිකුරාදා දිනයක්ම නිවාඩු දිනයක් වනු ඇත.

ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම නිවාඩු දිනය ප්‍රකාශ කර ඇති බවත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම දිනය වගා කටයුතු සඳහා යෙදවීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධ අවශ්‍ය ප්‍රතිපාදන රජයේ සේවකයින්ට ලබා දිය හැකි බව ද මින් පෙර  අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා තිබිණි.


Exit mobile version