අත්‍යාවශ්‍ය බව කියා හදිසියේ කෝටි ගණනක් වියදම් කර ඛණිජ වැලි සමාගම මිලදී ගත් යන්ත්‍රයක් අවුරුදු 06ක් පාවිච්චි කර නෑ…

Lanka-Minaral-Sands

ලලිත් චාමින්ද –

ලංකා ඛණිජ වැලි සමාගම  විසින්  සමාගමේ නිෂ්පාදන කටයුතු වර්ධනය කරගැනීම සඳහා  හදිසි මෙන්ම, අත්‍යවශ්‍ය මිලදීගැනිමක් ලෙස රුපියල්  එක්කෝටි පනස්හතර ලක්ෂ විසිහය දහස්, තුන්සිය දෙකක (15,426,302) වියදමක් දරා   මිලදිගෙන තිබු නව Hydroziser යන්ත්‍රය  මිලදි ගෙන  වසර 05ක් ගතවි තිබුනද එම යන්ත්‍රය නිෂ්පාදන කටයුතු සදහා යොදාගෙන නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

තෙත වැලි යන්ත්‍රගාරය සඳහා  හදිසි මිලදි ගැනිමක් ලෙස් 2016 වර්ෂයේ ජනවාරි මස   මෙකි යන්ත්‍රය මිලදිගෙන තිබුණි.

මෙම  යන්ත්‍රය හදිසි අවශ්‍යතාවයක් මත  මිලදිගත් යන්ත්‍රයක් නොවන බව  පැහැදිලි වුවද  යන්ත්‍රය මිලදී ගැනිම  සම්බන්ධයෙන්  වගකිවයුතු නිලධාරින්ට  එරෙහිව  ක්‍රියාමාර්ග ගැනිමට සමාගම විසින්  කටයුතු කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

යන්ත්‍රය නිෂ්පාදන කටයුතු සඳහා යොදාගත යුතු බවත්  මේ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරින්ට  එරෙහිව  ක්‍රියාමාර්ග ගතයුතු බවත්  විගණනය මගින් නිර්දේශකොට ඇත.


2021 වර්ෂයේ දි මෙකි යන්ත්‍රය  නිෂ්පාදන කටයුතු සදහා යොදාගනු ලැබුවද  දින කිහිපයකට පසු විදුලි පද්ධතියේ  වු හදිසි බිදවැටිමක් හේතුවෙන්  යන්ත්‍රයේ  විදුලි පරිපථයට හානි සිදුවු බව  ඛණිජ වැලි සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදේශ විනිමය හිඟය නිසා යන්ත්‍රය සදහා අවශ්‍ය අමතර කොටස්   ලංකාවට රැගෙන එම සදහා යම් ප්‍රමාදයක්  සිදුවි ඇති බවද කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.

Exit mobile version