අංගොඩ ලොක්කා වස දී මරා දැමුවාද?

අංගොඩ ලොක්කා මරා දැමූ බව කියන අනියම් බිරිය අතුරුදන්... සැබෑවටම ඔහු මිය ගියා දැයි සැකයක්....

ඉන්දියාවට පැන ගොස් එහි සිට මත්කුඩු ජාවාරම්  කප්පම් ගැනීම්, මිනී මැරීම් ඇතුළු අපරාධ ගණනාවක් මෙහෙයවමින් සිටි අපරාධකරුවකු වන  අංගොඩ ලොක්කා මීට ටික දිනකට පෙර හදිසියේ මරණයට පත් වී ඇති බව වාර්තා වේ.  ඔහුගේ අනියම් බිරිය විසින් දීර්ඝ කාලීනව ලබා දෙන වස වර්ගයක් හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදුව ඇති බව පැවසෙන අතර ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු වාර්තා කරන්නේ මේ වනවිට ඔහුගේ ආදාහන කටයුතු පවා සිදුව අවසන් බවය.

ඔහුට සමීප ආරංචි මාර්ගවලින් ලැබී ඇති තොරතුරුවලින් කියවෙන්නේ මෙම මරණයට අංගොඩ ලොක්කාගේ කල්ලියේ අභ්‍යන්තර ගැටුමක් හේතු වී  ඇති බවය. ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රෙද්ශයේ  ජිවත් වන බව පැවසෙන අංගොඩ ලොක්කා කාය වර්ධන ව්‍යායාම සිදු කරන්නෙකි. ඔහු  දිනපතා භාවිත කෙරෙන ශක්ති ජනක ඖෂධ සමඟ ඇයගේ අනියම් බිරිය යම් විෂ වර්ගයක් ලබා දීම  හේතුවෙන් හට ගත් හදිසි හෘදයාබාධයක් නිසා මරණය සිදුවී ඇති බවත් ඒ අනුව මෙය ඝාතනයක් බවත් එම වාර්තා පෙන්වා දෙයි.

එසේ වුවද බුද්ධි අංශ අංගොඩ ලොක්කාගේ සමීපතම ඥාතීන් ඇසුරින් තොරතුරු විමසා ඇතත් ඔහුගේ මවගෙන්, පියාගෙන් හෝ සහෝදරියගෙන් මේ සම්බන්ධ කිසිදු තොරතුරක් අනාවරණය කර ගත හැකිව නැත. එසේම ඔහුගේ බිරිය සහ දරුවා ඇඹිලිපිටියේ ජීවත් වන අතර ආරංචිමාර්ග පවසන අකාරයට අංගොඩ ලොක්කා සති දෙකකින් පමණ ඇයට අමතා නොමැති බව හෙළි වේ. කෙසේ වුවද මෙම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේ ඔවුන් වෙතින් අංගොඩ ලොක්කා මිය ගොස් ඇති  බවට කිසිදු සේයාවක් පෙන්නුම් නොකළ බවයි.


 මෙම තත්ත්වය මත  ඉන්දියාවෙන් ලද තොරතුරු නිසි ලෙස සනාථ කර ගැනීම සඳහා මේ වනවිට පොලිසිය සහ බුද්ධි අංශ ද ක්‍රියත්මක වී තිබෙන අතර මේ පිළිබඳව ඉන්දියාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහාද තොරතුරු ලබා ගැනීමට මේ වනවිට පියවර ගෙන තිබේ.

2017 වසරේ පෙබරවාරි මාසයේදී කනළුතර දී පාතාල අපරාධකරුවකු වන සමයං ඇතුලු පාතාල සාමාජිකයන් කිහිපදෙනකුද  බන්ධනාගාර නිලධාරීන් ද  ඇතුළු හත් දෙනකු බන්ධනාගාර බස්රථයක ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු අංගොඩ ලොක්කා සහ ලඩියා නැමති අපරාධකරුවා    බෝට්ටුවක නැගී ඉන්දියාවට පලා ගියේය.

එයින් පෙර   වරක් ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමට සැකසූ ව්‍යාජ ගමන් බලපත්‍රයක් හරහා ඩුබායි යාමට ගත් උත්සාහයේදී ඔහු  අත්අඩංගුවට ද පත් විය.

 2017 වසරේ ජනවාරියේදී ඝාතනය වූ  අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන රත්තරන් නැමැත්තාගේ බිරිය සමඟ ඔහු ඇසුරක් පවත්වා තිබේ. අනතුරුව ඔහු ඇයද ඉන්දියාවට ගෙන්වා ගෙන තිබේ. අංගොඩ ලොක්කාට වස දුන් බව කියන්නේ ඇයයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ඇය කොයිම්බතුරේ ප්‍රදේශයෙන්  අතුරුදන් බවට වාර්තා සඳහන් කරයි.

Exit mobile version