විමල්ගේ කතාවෙන් වියත්මග ඇවිලේ…

ජානාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ අමරිකානු ඔත්තුසේවාවට සම්බන්ධ ඔත්තු කරුවෙක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයත් සමග  අභ්‍යන්තර  අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

මෙම අර්බුදය විමල් වීරවංශ පාර්ශවය සහ වියත්මග නියෝජනය කරමින් ආණ්ඩුව තුළ සිටින පාර්ශවය අතර නිර්මාණය තිබේ. එය එළඹෙන මහ මැතිවරණ වේදිකාව දක්වා යා හැකි බව වියත්මගෙන්  මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින  අපේක්ෂකයෙක් ප්‍රකාශ කළේය.

ආණ්ඩුව නියෝජනය කරන වියත් මග සාමාජිකයන් සහ විමල් වීරවංශ වාර්ශවය අතර ගැටුම නාමයෝජනා භාරදීමට පෙර සිට හටගෙන තිබුණද  පසුගිය දා විමල් වීරවංශ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට එක්ව ජයනාත් කොළඹගේ ඔත්තුකරුවෙක් බව ප්‍රකාශ කිරීමත් සමග කරලියට පැමිණියේය.


මිලින්ද මොරගොඩට සම්බන්ධ පාත්ෆයින්ඩර් ආයතනය ඇමරිකානු ඔත්තු සේවා ආයතනයක් බවත් එම ආයතනයට ජයනාත් කොළඹගේ ඍජුවම සම්බන්ධ බවත්, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ දයා රත්නායක ද ඉහත ආයතන සමග සබඳතා පවත්වන බවත් පවසන විමල් වීරවංශ එවැන්නක් මෙලෙස හෙළි කිරීමෙන් තමාට දේශපාලන අවාසියක් සිදුවිය හැකි වුවද , ඒ ඕනෑම අවාසියක් දරා ගැනීමට තමන් සූදානම් යැයි කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙර අවස්ථාවක විමල් වීරවංශ විසින් හිටපු මුදල් ඇමති,  වර්තමාන ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර ආර්ථික ඝාතකයෙක් ලෙස හඳුන්වා දුන්නේය.

 

Exit mobile version