රාජිත ගිය පල්ලන්සේන

මන්විසි වන්නආරච්චි

අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ඇමැති රාජීත සේනාරත්න දැන් ඉන්නේ පල්ලන්සේන ය. රටේ වැඩි දෙනෙක් හිතාගෙන හිටියේ පල්ලන්සේනත් සිරිසේන, ගුණසේන, සමරසේන වැනි කෙනෙක් කියාය.  රටේ පවතින කොරෝනා වසංගත තත්වය නිසා  වැලිකඩ යන්න සිටි රාජිත සේනාරත්න හටපු ඇමතිතුමාට වැඩිදෙනෙකු අසා නැති පල්ලන්සේනට යන්න සිද්ධ උනේය.

රාජිත රැගෙන ගිය  පල්ලන්සේන කොරෝනා එන්නට කලින් පැවතුනේ තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයක් ලෙසය.

දෙමාපියන්ට ගුරුවරුන්ට මෙල්ල කරගත නොහැකිවු පාසලින් කට්ටි පැන්න, හෙරොයින් ගංජා වැනි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ,  එහෙමත් නැත්නම් ඒවා විකුණු, එහෙමත් නැත්තම් සුළු සුළු සොරකම් වලට වැරදි කරුවන් වූ තරුණයන් පුනරුත්ථාපනය කිරීමට මෙතෙක් කල් ඔවුන් පල්ලන්සේන විශෝධනාගාරයේ රඳවා තැබුවේය.


මේ සිටින කාලය තුළ අකුරු ලිවීමට බැරි අයට අකුරු ලියන්නට ද, ඉංග්‍රීසි භාෂාව, පරිගණක පුහුණු පාඨමාලා මෙන්ම වෙනත් වෘත්තීය පාඨමාලා පැවැත්වීමට ද මෙහි සිටින රැඳවියන්ට අවස්ථාව ලැබෙන්නේය. එමෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් සඳහා පුනරුත්ථාපන වැඩ සටහන්ද මෙහිදි ක්‍රියාත්මක වන්නේය. කලකට පෙර බාප්පාට ගංජා සුරුට්ටුක් ගෙන එන්නට ගිය කොලු ගැටයෙකු ද පොලිසියට හසු වී මෙහි රඳවා තැබුණේය. ඒ පල්ලන්සේනතරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය ගැන කෙටියෙනි.

මේ දිනවල වැලිකඩ බන්ධනාගාරයට “විසට්“ නැත.  ඒ කොරෝනා වයිරසයෙන් ගැලවීම සඳහා ගන්නා ලද එක් ක්‍රියා මාර්ගයකි. එමෙන්ම උසාවි වලින් ගෙනෙන නව සැකකරුවන් එහි රදවන්නේද නැත. බස්නාහිර පළාතේ රැඳවියන් දැන් රඳවා තැබෙන්නේ පල්ලන්සේනය. ඒ එහි නිරෝධානය මධ්‍යස්ථානයක් ලෙසින් ක්‍රියාත්මක වන බැවිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේවන විට දෙසියකට වැඩි රැඳවියන් ප්‍රමාණයක් මෙහි නිරෝධායනය වෙමින් සිටි.  හිටපු ඇමැති රාජිත. සේනාරත්නයන් ද එළැඹෙන විසිහය වෙනිදා දක්වා මෙහි රඳවා තැබීමට උසාවිය නියෝග කර ඇත.  කෙසේ වුවත් රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා රෝහල්ගත කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි මේ වන විට සැකසෙමින් පවතින බව තතු දන්නෝ පවසති. එසේ නොවුනහොත් කොවිඩ් 19 වැළඳී නැති බවට පල්ලන්සේනෙන් ලබා දෙන නිරෝධායන සහතික පත්‍රය ද රැගෙන හිටපු ඇමතිවරයාට කොළඹ පැමිණය හැකිය.

 

Exit mobile version