පොදු ජන පෙරමුණ තුළ දියනොවී ඡන්දය කරන්න ශ්‍රීලනිපය තීරණය කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව සිටිය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය රැක ගනිමින් ඉදිරි මහා මැතිවරණයට මුහුණ දීමට කටයුතු කරන බව ඊයේ (18) රැස් වූ එම පක්ෂයේ මධ්‍යම කාරකසභාව තීරණය කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස කොළඹ ඩාලි පාරේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූළස්ථානයේ දී මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්විනි.

මධ්‍යඹ කාරක සභාවේ හබුතරයට වඩා වැඩියෙන් මෙම රැස්වීමට සහභාගී වූ අතර එහිදී උද්ගතව ඇතිතත්වය, කොරෝනා වසංගතය හමුවේ රටේ ආර්ථික වැඩපිළිවෙළ හා ඉදිරි මැතිවරණයකට මුහුන දිය යුතු ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිර ජයසේකර පැවසීය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලුතර දිස්ත්‍රික්කයට සහ තවත් ප්‍රදේශ කීපයකට ඉදිරි මැතිවරණයේ දී තරග කිරීමට නියමිත බවත්, ඒවායේ මැතිවරණ කටයුතු මෙහෙයවන ආකාරය ගැන ආකාරය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග ඒකාබද්ධව මතරග කරන දිස්ත්‍රික්කවල මැතිවරණ ව්‍යාපාරය දියත් කරන ආකාරය පිළිබඳවත්මෙහි දී සාකච්ඡා කළ බව ඔහු කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලමින්  විපක්ෂය ගෙන යන කුමන්ත්‍රණයකාරී වැඩපිළිවෙල පරාජය කර සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් උදෙස් මත මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ යුතු බවත් ඒ පිළිබඳ අවසන් තීරණය ගත යුත්තේ වෙන කිසිදු පාර්ශවයක් නොව, ශ්‍රේෂාධිකරණය හා  මැතිවරණ කොමිෂන් සභාව විසින් බවත් මධ්‍යම කාරකසභාවේ දී සාකච්ඡා කළ බව දයාසිරි ජයසේකර වැඩිදුරටත් කිය.

Exit mobile version