ඡන්ද ප්‍රතිඵලයෙන් පොදු ජන පෙරමුණට සුබවාදී ආරම්භයක්

මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක ඉතා සාර්ථකව සිදුවෙමින් පවතින අතර මේ වනවිට ආසන කිහිපයක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබේ. ගාල්ල බලපිටිය, යාපනය, කයිට්ස් යන මැතිවරණ කොට්ඨාසවල නිල ප්‍රතිඵල මේ වනවිට නිකුත් ව ඇති අතර තැපැල් ඡන්ද ප්‍රතිඵල මෙතෙක් නිකුත් ව ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ පමණි.

බස්නාහිර පළාතේ කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලටත් රත්නපුර දිස්ත්‍රික්කයටත් අයහපත් කාලගුණය හෙතුවෙන් ගමනාගමනයට බාධා සිදුවඇති ඇති අතර මේ ආපදා තත්ත්වයද නොතකමින් රජයේ නිලදාරීන් නියමිත වේලාවට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පැමින එම කටයුතු ආරම්භ තකිරීමට හැකියාව ලද බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට නිකුත්ව ඇති ප්‍රතිඵල මත ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සියයට 72ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව ඇති අතර සමගි ජන බලවේගයට සියයට 15ක්ද ජාතික ජනබලවේගයට සියයට 5ක් සහ එක්සත් ජාතික පක්ෂයට සියයට 3කට ආසන්න ප්‍රතිශතයක් හිමිව තිබේ


Exit mobile version