මිරිවැඩි සගල කොරෝනා වාහකයෙක්

ශ්‍රියානි විජේසිංහ

පාවහන් යුගල සමඟ කොරෝනා වෛරසය නිවසේ සාලයටම පැමිණිය හැකි බැවින් එම පාවහන් සෑම විටෙකම එලිමහනේ ගලවා නිවසට ඇතුළු වන්නැයි ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා ඉල්ලයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු පවසන්නේ විශේෂයෙන්ප කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් සිටින නිවාසවල දෙමාපියන් මේ පිළිබදව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවය. කොවිඩ් 19 වසංගතයට හේතු වන වෛරසය තවමත් සමාජය තුළ පැවතිමේ අවදානමක් පවතින අතර එය පාවහන් අඩියේ රැදුණහොත් සාපෙක්ෂව වැඩි කාලයක් පැවතිය හැකි වනු ඇති  බවට පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන ඇත. මෙම තත්ත්වය තුළ අනවශ්‍ය අවදානමක් ගේ තුළට වද්දා නොගෙන පාවහන් පිටත ආරක්ෂාකාරී ලෙස තබා නිවසට ඇතුළු වන්නැයි විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලා සිටී.

Exit mobile version