මාස හයක් තුළ දරුණුම සති දෙක! බලවත්ම රටවල් හතේ හයිය ඕනමයි !

ලෝක සෞඛ්‍ය සංවිධාන ලොක්කා අවධාරණය කරයි

පසුගිය මාස හයක කාලය සැලකීමේදී ගත වූ සති දෙක තුළ ලෝකයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූ බවත් ඉන්දියාවේ සහ බ්‍රසීලයේ වසංගතය පැතිරීමේ වේගය මේ සඳහා සෘජුවම දායක වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටේරෝස් අද්නාම් ගෙබ්‍රයිසස් පවසයි. ඊයේ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා ගෝලීය කොවිඩ් -19 වසංගතයෙන් ගැලවීමට ලෝකයේ ධනවත් රටවලින් සැදුම් ලත් G7 කණ්ඩායම නියෝජනය කරන රටවල දායකත්වය අත්‍යවශ්‍යම බව අවධාරණය කළේය.

ඊයේ (03) රාත්‍රියේ ජිනිවා නුවරදී පැවැති මාධ්‍ය හමුවේදී මේ බව අවධාරණය කළ ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ  ඔවුන් උදව් නොකළහොත්  ලොව පුරා අර්බුදය විසඳිය නොහැකි බවයි.

වසංගතය මැඩ පැවැත්වීමට ඇති බාධක බිඳ දැමීමට අවශ්‍ය එන්නත්, පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා අරමුදල් සැපයීමේ හැකියාව කාර්මික බලවතුන් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.ලබන ජූනි මාසයේදී 11 වැනිදා බ්‍රිතාන්‍යයේ සත්කාරකත්වය මත  ආරම්භ වන තෙදින සමුළුවේදී මේ සම්බන්ධයෙන් තීරණාත්මක පියවරක් ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් ජී 7 වෙතින් ඉල්ලා සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


,ජී 7 රටවල් ලෝකයේ ආර්ථික හා දේශපාලන නායකයින්. ඔවුන් ලෝකයේ බොහෝ එන්නත් නිෂ්පාදකයින් සිටින්නේ ම් රටවන් තුළයි.අපි එන්නත් අර්බුදය විසඳන්නේ මෙම රටවල නායකත්වයෙනි.”මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කළ කරුණුවලට අනුව කොරොනා වයිරස් එන්නත්, පරීක්ෂණ සහ චිකිත්සාව සොයා ගැනීම, සංවර්ධනය කිරීම සහ බෙදා හැරීම සඳහා  අවශ්‍ය  මේ වසරේ ඉලක්කය ඩොලර් බිලියන 22ති මේ ඉලක්කය සඳහා තවමත්   ඩොලර් බිලියන 19 ක අඩුවක් පවතී.

Exit mobile version