ජූනි මස මුල් සතියේ සිට රෝහල්වල සුපුරුදු ලෙස වැඩ ඇරඹේ…

රෝහල්වල කටයුතු ජූනි මස මුල සතිය වන විට සාමාන්‍ය තත්වයට පත් කිරීමට කටයුතු  කරන්නැයි සෞඛ්‍ය ‌සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දී තිබේ.

මේ අනුව කොළඹ ජාතික රෝහලේ සායන, සැතකම් සහ පරීක්ෂණ සියල්ල ක්‍රමයෙන් යථාවත් කරන බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක පැවසීය.

සායනයන්ගේ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ව තව දුරටත් සීමා කිරීම කෙරෙහි සිය අවධානය යොමුව ඇතැයි ද ඒ් පිළිබඳව ඉදිරියේදී විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වනු ඇතැයි ද හෙතෙම කීය.


කොරෝනා රෝගීන් සැලකිය යුතු පිරිසක් ප්‍රතිකාර ලැබූ අයි.ඩී.එච් රෝහලට සහ මුල්ලේරියා රෝහලට තාවකාලිකව අනුයුක්ත කළ  ජාතික දන්තායතනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නැවත දන්තායතනය වෙත කැඳවා ගැනීමට මේ වනවිටත්  කටයුතු කරමින් පවතින බව ඒහි අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් දන්තනාරායන සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරි සති දෙක තුළ ජාතික දන්තායතනයේ කටයුතු යතාවත් කිරීම මෙහි අරමුණ බව ද හෙතෙම සඳහන් කළේය.

 

 

Exit mobile version