එල්ලෙන බඩෙන්  කිලෝ 5 ක තෙල්   ඉවත් කළ සැත්කමක් කෑගල්ල මූලික රෝහලෙන්…  ( වීඩියෝ සහිතයි)

ජී එස් උදයංගනී විවාහක එක් දරු මවකි.     වයස අවුරුදු 26 කි.   ජීවත් වන්නේ  පොතුහැර මහපිටිය ප්‍රදේශයේය.

දරුවා පිලිසිද ගැනීමට පෙර ඇය නියම සෞඛ්‍ය තත්වයත්වයෙන් පසුවූවාය. එහෙත්    දරුවා පිළිසිඳ ගෙන දරු ප්‍රසූතියෙන් පසු ඇගේ උදරය අස්වාභාවික ලෙස විශාල වන්නට විය.

පසුගිය අවුරුදු  එකහමාර තුළදී  ඇගේ  උදරය තව තවත් විශාල  වූයේය.  මේ තත්ත්වය  ඇයට  ඇයට නිතර උදරාබාධ ඇති කළේය.  කොන්දේ කැක්කුම් පාදවල වේදනා හටගත්තේය.   මේ තරුණ මව කායිකව මෙන්ම මානසිකව ද රෝගී වූවාය. ඇඳුමක් ඇඳගැනීමට නොහැකි තත්ත්වයක් ඇති විනි.  සමාජය ඉදිරියේ දැඩි අවඥාවට ලක් වූ අවස්ථා ගණනාවක් විය.

කෑගල්ල මූලික රෝහලේ විශේඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන වෙත යොමුවීම


විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන…

මේ තත්ත්වයෙන් මිදීම සඳහා ඇය විවිධ ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වූවාය. ගැටලුව තවත් තීව්‍ර විය. මේ අතර ඇයගේ ගැටලුව තේරුම් ගත් වෛද්‍යවරයෙක් ඇයව කෑගල්ල මූලික රෝහලේ  විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන  ගේ  ශල්‍ය වෛද්‍ය සායනයට යොමු කර තිබිණි.

ඇය සායනයට යොමු වූවාය.  මෙහිදී වෛද්‍ය වෛද්‍යවරයා විසින් නියමකර  තිබුණේ  දීර්ඝකාලීන බර අඩු කරගැනීමේ  සැලැස්මක් අනුගමනය කළ යුතු අතර  පවතින තත්ත්වයට පිළියම් ලෙස ඇය සැත්කමකට භාජනය කළ යුතු බවය.

කෑගල්ල මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය  ආනන්ද ජයවර්ධනගෙන් එම සැත්කම පිලිබඳව විමසුවෙමු.  ඔහු සිය අත්දැකීම අප ඉදිරිපිට දිගහැරියේය.

සැත්කමේ අත්දැකීම

“මෙම 26 හැවිරිදි කාන්තාව මගේ සායනයට පැමිණෙන විට ඇගේ උදරය ඉතාමත් නරක ලෙස ඉදිරියට නෙරාවිත් තිබුණේ.  ඇගේ උදරය පටක ඉතා දුර්වල මට්ටමකයි පැවතුනේ.  මෙයට බොහෝ දුරට හේතු වී තිබුණෙ  ඇය දරුවා පිළිසිඳ ගැනිමෙන් පසු ඇය   ඉතා අධික කැලරි ප්‍රමාණයක් ලබා  ගැනීම.

“දරුවකු පිලිසිද ගත් විට අප සමාජය තුළ “දැන් දෙදෙනෙකුට ආහාර ගත් යුතුයි” යන මතයක් තියනවා.     මේ හේතුව නිසා බොහෝ මව්වරු දරුවකු පිළිසිඳ ගැනීමත් සමඟ ඉතා අධික කැලරි ප්‍රමාණයක් දෛනිකව ලබා ගන්නවා.  මෙසේ අධිකව ලබා ගන්නා කැලරි සිරුරේ දී තෙල් බවට හැරී විවිධ ස්ථානවල තැන්පත් වෙනවා.“

“විශේෂම උදරය අභ්‍යන්තරයේත්  උදර බිත්තියේත් තමයි අධිකව තෙල් තැන්පත් වීම සිදුවෙන්නෙ.  එවිට සිදුවෙන්නේ උදර බිත්තියත්  පිටතින් ඇති චර්ම‍යටත් අසාමාන්‍ය ලෙස ඉදිරියට නෙරාගෙන ඒමයි. මෙසේ අසාමාන්‍ය ලෙස උදර බිත්තිය සහ චර්මය ඉදිරියට නෙරා ආපසු දරු ප්‍රසූතියෙන් පසුව වුවද එය යථා තත්වයට පත් වන්නෙ නෑ.“

තෙල් කිලෝ පහක් ඉවතට…


“මෙම කාන්තා මුහුණ දුන් මෙම කායික මානසික හා සමාජමය ගැටළු වලට පිලියමක් විදිහට  තමයි මේ ඇයව මේ සැත්කමට ලක් කළේ.“

විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.   සැත්කම් සාර්ථකව   සිදු කරන්නට හැකි වූයේය.  ඇගේ උදර බිත්තියේ තෙල් සහ චර්මය කිලෝ පහක් පමණ කපා ඉවත් කරන ලදී.  උදර බිත්තියේ  දුර්වල ස්ථාන ද සැත්කම් මගින් ශක්තිමත් තත්ත්වයට පත් කරනු ලැබීය. මේ සඳහා පැය තුනක පමණ කාලයක් ගත වූ අතර රෝහල් කාර්ය මණ්ඩලය ඒත් සඳහා දැඩි සහයෝගයක් ලබා දුන්නේය.

ඇය දැන් මහත් සහනයකින් පසුවන්නීය.  සිරුර දරුවා පිළිසිඳගැනීමට පෙර පැවති    හැඩයෙන් පවත්වාගෙන යන්නීය.

දරුවන් පිලිසිඳ ගැනීමේදී කාන්තාවන්ගේ සිරුරේ හැඩය සහ කායික ගැටලු එතරම් මතු වෙන්නේ නැත. නමුත්    එම කාලය තුළදී මවක් ඉතා අධික කැලරි ප්‍රමාණයක් ලබා ගැනීම නිසා මෙවැනි තත්ත්ව ඇති වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම දුර්මතය සමාජයෙන් බැහැර විය යුතුය.

Exit mobile version