විශාදය ගැන විශේෂ කතාවක්….

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන –

කිසියම් කෙනෙක් දිවිනසාගත් බව ප්‍රවෘත්තියක් වූ වහාම ජනතාව විශාදය ගැන ලොකු කතිකාවක් ඇති කරයි. දින කිහිපයකින් ප්‍රවෘතියේ උණුසුම අඩුවූ විට උනන්දුව යටපත් වී යයි.

මේ දිනවල විශාදය පිළිබඳ දරුණු අදහස් සමාජ මාධ්‍යයේ පළවෙයි. එම අදහස් සමහරක් පුද්ගලයාගේ සිත තවත් භීතියට දුර්මුඛ බවට පත්කරන බව පෙනේ.

විශාදය ගැන සමහරවිට ඔබ දන්නවා ඇති. නොදන්නවාත් ඇති. සමහර විටෙක ඔබ තව කෙනෙකුගේ විශාදයට හේතුවක් විය හැකි බව දන්නවාද? ඒ කෙසේද?

විශාදය යනු කුමක්ද?

විශාදය ජාන සම්බන්ධයකින් යුතු බව සැබෑය. එහෙත් එසේ නැතත් සමහර විටෙක අනපේක්ෂිත පීඩා නිසා පුද්ගලයන් ආතතියට පත්වී එය විශාදය දක්වා යා හැකිය. එයින් මිදෙන්නට අප උත්සහ නොගෙන අදාල සුදුසු ප්‍රතිකාර සහ ක්‍රියාකාරකම් නොකර සිටිනවිට විශාදයට අපගේ ජීවිතේ පැළපදියම් වීමට ඉඩ ලැබේ. පසුව විශාදය අපේ ජීවිත ආක්‍රමණය කර අපව වහළකු කරගනු ලැබේ.


මෙයින් මිදිය නොහැකිද?

මිදිය හැකියි.

ඒ සඳහා උපකාරීවන මගපෙන්වීම් කිහිපයක් පහත දැක්වේ. හොඳින් සිතා අත්හදා බලන්න.
ඕනෑම කෙනෙකුට ඕනෑම හේතුවක් අරබයා ඕනෑම අවස්ථාවක විශාදය වැළඳිය හැකිවා මෙන්ම උත්සහය අධිෂ්ඨානය ඇතිවිට ඉන් මිදීමටත් හැකිය.

අනුගමනය කරන්න.

මේවායින් කිහිපයක් හෝ විශාදය ඇතත් නැතත් පුහුණුකර ගතහොත් ඔබගේ ජීවිතයට විශාල අස්වැසිල්ලක් ලද හැකිය.

ඔබේ දන්නා අයෙකුට විශාදය ඇත්නම්. විශාදයට ප්‍රතිකාර සඳහා යොමුකරන ගමන් විශාදය හටගැනීමට හේතුවූ කාරණයට පිළිතුරු සොයා ගැනීමට උපදේශනයකට යොමු කරන්න

විශාදයේ ලක්ෂණ

මේවායින් සියල්ලම හෝ බහුතරයක් කිසියම් කෙනෙකුට ඇතිනම් වහාම උපදේශනයකට හෝ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු වෙතට යොමුවිය යුතු වෙයි. දන්නා අයෙකු මෙසේ වේ නම් ඔහුටද ප්‍රතිකාර සඳහා යෑමට සහය වියයුතු වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශාදයට ගැතිවීම
එයින් මිදිය නොහැකිවීම
විශාදයට , ජීවිතයේ සෑම සිදුවීමක්ම බැරකිරීම
විශාදය නඩත්තුවීමට හේතුවක් බවත් තේරුම් ගන්න

 

Exit mobile version