පාස්කු ප්‍රහාරය මහා කුමන්ත්‍රණයක්! සෑබෑව කාලය විසින් හෙළි කරයි….

නිතිපතිවරයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

2019 අප්‍රියෙල් 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පසුපස මහා කුමන්ත්‍රණයක් පවතින බව නීතිපති දප්පුල ද ලිවේරා අවධාරණය කරයි.

නිවිස් ෆස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇති නිතිපතිවරයා මෙම ප්‍රහාරය සම්බන්ධව සිදු කරන ලද සියලු පරීක්ෂණ වාර්තා ප්‍රවේශමෙන් අධ්‍යයයනය කොට මෙම කුමන්ත්‍රණය හෙළි කර ගත යුතු බව පවසයි.

එක් එක් කාල වකවානුවල රාජ්‍ය බුද්ධි සේවය විසින් නිකුත් කරන ලද බුදධි වාර්තා, ඉලක්ක, ස්ථාන, ප‍්‍රහාර ක‍්‍රම සහ වෙනත් තොරතුරු ඇතුළත් තොරතුරු එකකු කර බලන කල මෙහි පැහැදිලි කුමන්ත්‍රණයක් පැවති බවට පැහැදිළි සාක්ෂි ඇති බවත් මේ කුමන්ත්‍රණය පිළිබඳව කාලය විසින් සැබැව හෙළිකරනු ඇති බවත් නිතිපතිවරයා තවදුරටත් එම සාකචඡාවේදී ප්‍රකාශ කොට ඇත.


එසේම මේ ප‍්‍රහාර පසුපස විදේශීය හස්තයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව පවසා ඇති නීතිපතිවරයා පවසා ඇත්තේ විදේශ ප‍්‍රචණ්ඩ අන්තවාදී ආගමික දෘෂ්ටිවාදය යම් අවස්ථාවක දී ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති අතර ප‍්‍රහාර සිදුකිරීමේ දී එය ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බවයි. 

ඔහු එහිදී තවදුරටත් සඳහන් කර ඇත්තේ මහා කුමන්ත්‍රණයට සම්බන්ධ අයගේ අනන්‍යතාවයන් සාක්ෂි හරහා ඉදිරියට පැමිණිය යුතු බවයි.

ත‍්‍රස්ත ප‍්‍රහාර පසුපස ඇති කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට අවධානය යොමු කර ඇති බවත්, ප‍්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි පමණක් නොව ඔහු ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු ඊට සම්බන්ධ බවත් ඔහු පැවසීය.

“මෙය පරිපූර්ණ ලෙස සොයා බැලිය යුතුවන අතර කාලය එය පවසනු ඇති,” යයි ඔහු එහිදී සඳහන් කොට ඇති බව නිව්ස් ෆස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළ අය වන අතර ඔවුන් ජීවතුන් අතර නැත. කෙසේ වුවද මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට සහය දුන් සැලකිය යුතු පිරිසක් රහස් පරීක්ෂකයින් විසින් හඳුනාගෙන ඇති බව නීතිපතිවරයා පැවසීය.

එමෙන්ම මෙම මහා කුමන්ත්‍රණය පිළිබඳ පරීක්ෂණ අවසන් වී ඇති බව තමන් පැවසිය නොහැකි බව පවසන නීතිපති ද ලිවේරා මහතාට අනුව සමහරු ප්‍රහාර සැලසුම් කළ අතර, මහා කුමන්ත්‍රණයේ කොටසක් ලෙස මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් දුන් බවත් මේ පිළිබඳ සාක්ෂි ඉතා ප්‍රවේශමෙන් සොයා බැලිය යුතු බවත් පවසා ඇත. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නීතිපති දප්පුල ද ලිවේරා මහතා පැවසුවේ 2019 අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට සම්බන්ධ තවත් බොහෝ සිද්ධීන් පිළිබඳව සොයා බැලිය යුතු බවයි. ඒ අනුව 2019 අප්‍රේල් 16 වන දින නැගෙනහිර පළාතේ (කාතන්කුඩි ) යතුරුපැදි පිපිරීම, මහා කුමන්ත්‍රණය, සයින්දමරුදු ගිනි අවි සටන් සහ පිපිරීම්, ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වූ ආරක්ෂක හා පොලිස් ධූරාවලියේ රාජ්‍ය නිලධාරීන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිමේදී දෙන ලද නිර්දේශ පිළිබඳව තවදුරටත් කරුණු විමර්ශනය කොට අගය වැඩි කිරීමක් කළ යුතු බවට ද හෙතෙම අවධාරණය කොට ඇත.


Exit mobile version