දරුවන් ලිංගික අපරාධවලින් බේරා ගැනීම දෙමව්පියන්ගේ පමණක් නොවෙයි, මුලු සමාජයේම වගකීමක් – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්…

ලලිත් චාමින්ද –

බාලවයස්කාර දරු දැරියන්ට සිදුවන ලිංගික අපරාධ  වලක්වා ගැනීම දෙමව්පියන්ගේ මෙන්ම සමාජයෙත් වගකිමක්. යැයි  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය   රූමි රූබන් පවසයි.

Rumi-Ruban
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්…

බාලවයස්කාර දරු දැරියන්ට සිදුවන ලිංගික අපරාධ පිළිබද අදහස් දක්වමින්  හෙතෙම මෙසේද කිවේය. 

.”බාලවයස්කාර දරුවන්ට එරෙහිව ලිංගික අපරාධ සිදුවෙන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. වයස අඩු දරුවන්ට ලිංගික ජිවිතය පිළිබද තිරණගන්න හැකියාවක් නැහැ. ඔවුන්ගේ බුද්ධිය තියෙන්නේ දරුවකුගේ ප්‍රමාණයට. එවිට නිවරදි තිරණ කුමක්ද කියලා ඔවුන්ට හදුනා ගන්න බැහැ.” 

“එමෙන්ම ඔවුන්ගේ තිරණවලට විවිධ බලපැම් ඇති කරන්න පුළුවන්.  ඇතැම් අවස්ථාවලදි දරුවන් මත්ද්‍රව්‍යවලට පුරුදුකරලා  තිරණ ගැනිමේ හැකියාව තවත් අඩාලකරණවා.  එමෙන්ම මත්ද්‍රව්‍යවලට පුරුදුවුනාට පසු තිරණ ගැනිමේ හැකියාව විතරක් පමණක් නෙවෙයි. මත්ද්‍රව්‍ය ලබාගැනිමේ අවශ්‍යතාවය නිසාම විවිධ අය පසුපස යන්න පුළුවන්. විවිධ  බලපැම්වලට හසුවෙන්න පුළුවන්”.  


“මෙවැනි දරුවන් ලිංගික අපරාධ වලින් වලක්වා ගැනිම දෙමව්පියන්ගේ මෙන්ම සමාජයෙත් වගකිමක්. දෙමව්පියන් දැන ගන්න ඇසුරුකරණ මිතුරු මිතුරියන් කවුද කියලා. නිවසින් බැහැරව ගිය පසු කුමක්ද කරන්නේ කියලා. විවිධ මත්ද්‍රව්‍ය ලබාගත් පසු  විවිධ රෝග ලක්ෂණ මේ අයගේ දකින්න පුළුවන්. ඒ ගැනත් දෙමව්පියන් විමසිල්ලෙන් සිටිය යුතුයි.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මෑතකාලයේ දරුවන් බොහොමයක් තාක්ෂණික උපක්‍රම මගින්  අන්තර්ජාලය පරිහරණය කිරිමට පුරුදු වෙලා තියෙනවා. අන්තර්ජාලය  හරහා දරුවන් ගොදුරුකරගන්න බලාගෙන ඉන්න අය  ඒ   දරුවන් පහසුවෙන් ගොදුරුකරගන්න උත්සාහ කරන්න පුළුවන්.  මේ ගැන සැලකිලිමත් විම ඉතා වැදගත් කරුණක්.” යැයි  ද මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයා  කිවේය. 

Exit mobile version