ජීවත් වෙන්න බෙහෙත් පෙත්තක් යදිමින් රෝහල් සායනවල හඬා වැටෙන මරණයේ එළිපත්ත මත සිටින මිනිස්සු…

බොහෝ දුර්භාග්‍යයන්ට මුහුණ දුන්නා සැබෑය.  නමුත් මෙවැනි අසරණ කාලකන්නි අඩියකට මේ රට වැටෙනු ඇතැයි මොහොතකුදු නොසිතුවෙමු.

මරණ වරෙන්තුව ලියාගත් වකුගඩු රොගීහු සායන අහල බෙහෙත් ඉල්ලා හඬා වැටෙති.

පහතින් ඇත්තේ ඒ හදවත් දැදුරු කරමින්   සිරස නාලිකාව සිය ප්‍රවෘත්ති විකාශයනයේ පළ කළ ප්‍රවෘත්තියකි.  ඒ ප්‍රවෘත්තියක් නොවේ. මේ රටේ මරණීය යථාර්ථයයි.


වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් මරණයේ එළිපත්ත මත සිටින මිනිස්සු ජයවර්ධනපුර රෝහලේ වකුගඩු සායනය අසල බෙහෙත් ඉල්ලා හඬා වැටෙති. ජීවත් වීම සඳහා අවශ්‍ය බෙහෙත් පෙත්ත වෙනුවෙන් කෑ ගසා හඬා වැටෙති.  මාසයක් තිස්සේ බෙහේත් නැතිවීම නිසා රෝගය උත්සන්න වී ඇති ආකාරය වාර්තා සහිතව පෙන්වති.

ඒ මිනිසුන් අත්අඩංගුවට ගැනීම් ගැන කියන පොලිස් හම්පඩයන්ය. ඒ මරණීය වේදනාව නිල බලයෙන් පාලනය කිරීමට එන නිලධාරී වසලයන්ය.

“බෙහෙත් නෑ… බෙහෙත් එන්නෙ නෑ… එම්එස්ඩී එකෙන් බෙහෙත් ඉෂූ කරන්නෙ නැතිව ඔයාලට බෙහෙත් දෙන්න විදිහක් නෑ…“ අසරණ වූ නිලධාරීන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වීඩියෝව බලන්න. මේ මුරගාන්නේ මේ රටේ අසරණකමය. මහත්වරුනි. තවත් නුඹලාගේ නරිවාදම් අවශ්‍ය නැත. කටේ නිරිවාදම් රෙදි පල්ලෙන් බේරෙන බව නැවත හැරී බලපල්ලා…

Exit mobile version