රට ගිය අය ගැන දුලීකාගේ වීඩියෝව ලොක්කන් කලඹවයි

ව්‍යාපාරික නිමල් පෙරේරාගේ ට්විටර් පනිවිඩයට නාමල්ගෙන් පිළිතුරක්

ප්‍රවීණ රංගන ශිල්පිනි දුලීකා මාරපන විසින් මීට ටික කලකට ඉහත දී නිකුත් කරන ලද වීඩියෝවක් මේ වනවිට මෙරට දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනකු අතර දැඩි කතාබහක් නිර්මාණය කරවමින් තිබේ.

කොරෝනා වසංගතය පැතිරීම ආරම්භ වන කාලයේ විදේශවලින් එන ශ්‍රි ලාංකිකයන් නිරෝධායනය කිරීම සඳහා මධ්‍යස්ථාන ඇති කිරීමේ මුල් අදියරේදී ඊට මෙරටආණ්ඩු පක්ෂයේ දේශපාලකයන් ඇතුළු බොහෝ පිරිසකගෙන් එල්ල වූ විරෝධතාව මත ඇය විසින් මුදා හරින ද වීඩියෝවෙන් ඇය අවධාරණය කරන්නේ මෙරටට විදේශ විනිමය ගෙනවිත් දෙන විදෙස් ශ්‍රමිකයන්ගේ වැදගත්කමයි.


ඔවුන්ගේ මුදල්වලින් ජීවත් වන අපේ රට මෙම විදෙස්ගත පුද්ගලයන් රෝගී වූ අවස්ථාවේදී මෙරට ට ගෙන්වා ආරක්ෂිත ව නිරෝධායනය කිරීමේ පිළිවෙතේදී සමාජයෙන් එල්ල වන විරෝධතාව ලජ්ජා සහගත වැඩක් ලෙස පෙන්වා දී තිබුණි.

ඇයගේ මෙම වීඩියෝ පනිවිඩය මේ වනවිට දැඩි අවධානයකට ලක්ව ඇත්තේ එදාට වඩා අද තත්ත්වය දරුණු වීම හේතුවෙනි. මේ වනවිට විදෙස් ගත ශ්‍රි ලාංකිකයන් 40,000කට ආසන්න පිරිසක් නව කොරෝනා වසංගතය සහ ඒ ආශ්‍රිතව සිදුවූ රැකියා අහිමි වීම් වැනි තත්ත්ව නිසා අසරණව ශ්‍රි ලංකාවට පැමිණීමට සූදානමින් සිටින අතර මේ සම්බන්ධයෙන් රට තුළද ඔවුන් කෙරහි විරෝධාකල්පයක් ඇති වීම ඊට හේතුවයි.

කෙසේ වුවද ලංකාසර වෙත අදහස් දැක්වූ දුලීකා මාරපන පැවසූයේ ඇයට මෙම වීඩියෝව නිකුත් කළ කාලයේදී ප්‍රසාදයක් මෙන්ම බොහෝ පිරිසකගෙන් දැවැන්ත විරෝධයක්ද එල්ල වූ බවයි. “උඹ උන් ගෙන්න ගන්නවා නම් උන්ට කන්නත් දීපං“ යනුවෙන් සමහරු ඇයට දොස් කී බවද ඇය පැවසුවාය.

කෙසේ වුද මෙම වීඩියෝව මේ වනවිට සමාජයේ ඉහළ තලයේද අවධානය යොමුව ඇති බව පෙනෙන්නේ මෙම රජයේ හිතවාදියකු ලෙස සැලකෙන ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා ඇයගේ මෙම වීඩියෝ තම ටිව්ටර් ගිණුමට එක් කරමින් එය හද සසල කරවන කතාවක් බව ප්‍රකශ කිරීමයි. එයින් නොනැවතෙන නිමල් පෙරේරා පවසා ඇත්තේ ඇමෙරිකාව,ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍යය, සී ෂෙල්ස් වැනි ධනවත් රටවල ඇති හැකි අය ශ්‍රි ලංකාවට ගෙන්වා සුපිරි හෝටල්වල නිරෝධායනය කිරීමට කටයුතු කළද ඇමෙරිකානු ඩොලර් බිලියන 07ක් පමණ ශ්‍රි ලංකාවට එවන දුප්පත් විදෙස් ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමට ආණ්ඩුවේ ලොකු උන්නදුවක් නැති බවය.

නිමල් පෙරේරා ගේ මතය පිළිගන්නා නාමල් රාජපක්ෂ හිටපු පාර්ලිමේනතු මන්ත්‍රිවරයා ඊට ප්‍රතිචාර ලෙස ටිව්ටර් පනිවිඩයකින් පවසා තිබුණේ ශ්‍රි ලංකා රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය සීමාසහිත පහසුකම් යටතේ ශ්‍රි ලංකාව කොවිඩ් 19 වසංගතයෙන් පසුව සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට තටයුතු කරමින් සිටින බවය.

ඒ අතරේ විදේශ අමාත්‍යංශය මෙම ශ්‍රමිකයින් ආපසු ඉක්මනින් ගෙන්වීමේ යාන්ත්‍රණයක් පිළිබඳව මේ වන විට වැඩ කටයුතු සිදු කරමින් සිටින බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

Exit mobile version