චොක්ලට් එකක් නිසා දෙදරා යන ලකුණු පෙන්වන චොක්ලට් දේශය

සුනේත්‍රා ඇතුගල්පුර –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශත වර්ෂ ගණනාවක සිට ස්විට්සර්ලන්තය හඳුන්වන්නේ සාමකාමීත්ව දූපත ලෙසයි .යුරෝපයේ ප්‍රධාන රටවල් අතර මැද පිහිටා තිබෙන ස්විට්සර්ලන්තය ලෝක යුද්ධ දෙකකට මැදි වූවත් ඊට සම්බන්ධ නොවී අපක්ෂපාතී හෝ මැදිහත් නොවීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මෙම නාමයට උරුමකම් කියා ඇත.
එහෙත් ඇමරිකාවේ උද්ගතවී ඇති වර්ගවාදයට එරෙහි අරගලයෙ උනුසුම අද ස්විට්සර්ලන්තයේ ශත වර්ෂ ගණනාවක් පවත්වාගෙන ආ මෙම සාමකාමීත්වය යම් කිසි ආකාරයකට දෙදිරිමකට ලක් කොට තිබෙනු පෙනේ .
මෙම දෙදරුම් කෑමට ප්‍රධාන නිමිත්ත ලෝකය පුරා ස්විට්සර්ලන්තය කීර්ති නාමයක් අත් කරගෙන සිටින චොකලට් එකකින් ආරම්භවිම දෛවයේ සරදමක් බඳුය.
ම්ග්‍රෝස් (migros)යනු ස්විට්සර්ලන්තය පුරා සෑම ප්‍රදේශයක ම පිහිටා ඇති ප්‍රධාන වෙළද සැල් සංකීර්ණයකි. ඇමරිකාවේ වර්ගවාදයට එරෙහි අරගලය උත්සන්න වීමත් සමගම ඊට සහයෝගය දැක්වීමේ අටියෙන් මෙම ශාඛා වල පවතින චොකලට් වර්ගයක් අලෙවියෙන් ඉවත් කිරිමට ම්ග්‍රෝ පාලන අධිකාරිය මෑතකදී තීරණය කළේය .මෙම චොකලටය හඳුන් වන්නේ මෝරන් කොප්(Mohren kopf)ලෙසය.එහි දළ අදහස කළු හිස යන්නයි.නැතහොත් නීග්‍රෝ හිස යන්නයි
චොකලට් තැවරූ මෙම අතුරුපසය ජර්මනිය විසින් යටත් විජිත කාලයේ දී නිෂ්පාදනය කරන ලද්දකි .එම කාල වකවානුවේ මෙම අතුරුපස හඳුන්වා තිබුණේ නීගර් කුස් ලෙසය. (Neger kuss)
,ස්විට්සර්ලන්තයේ මෙම චොකලට් අතුරුපස නිෂ්පාදනය කරන ඩුබ්ලර් (Dubler) සමාගමට. මොරන් කොප් නම වෙනස් කරන ලෙසට විටින් විට විවිධ බලපෑම් එල්ල වූවත් එම සමාගම හෝ ම්ග්‍රෝ ආයතනය ඊට ප්‍රතිචාර දැක්වුයෙ නැත.අවසානයේ එම නිෂ්පාදන සිය අලෙවිසල් වලින් ඉවත් කිරීමට ම්ග්‍රෝ ආයතනය තීරණය කිරිමත් සමග ඊට පක්ෂ හා විපක්ෂව මත පල වීමට පටන්ගෙන තිබේ .මෙහි තවත් ප්‍රතිඵලයක් ලෙස ස්විට්සර්ලන්තය තුළත් වර්ග වාදය පවතින්නේද යන විවාදයක් සමාජය තුළ මතු වී තිබේ .විශේෂයෙන්ම මෙතෙක් නිහඩව ස්විස් සමාජය තුළ ජීවත්වු ඇතැම් කළු ජාතිකයින් ස්ව්ස් සමාජ රටාවම වර්ගවාදය පාදක කරගත් එකක් බවට දැනටමත් චෝදනා කිරීමට පටන් ගෙන තිබේ.
ඇතැමුන් පවසන්නේ ස්ව්ස් සමාජය තුළදි වර්ගවාදී පීඩනයට මුහුණ දී ඇතිදැයි ඇසීමම හාස්‍ය උපදවන ප්‍රශ්නයක් බවයි .මක් නිසාදයත් ළදරු පාසලේ සිට වැඩිහිටි සමාජය දක්වාත් තමන් වර්ගවාදී පීඩනයට මුහුණ දී සිටින බවයි .
මෙම චොකලටය වෙළදපොළෙන් ඉවත් කිරීමත් සමග ඇතිවූ උනුසුම්කාරි තත්ත්වය අද ස්ව්ස් මාධ්‍ය පුරා පූලූල් කතිකාවක් බවට පත්ව තිබේ..
ලෝකයේ සාමකාමී රටක් ලෙස කීර්තිය දිනා සිටින ස්විට්සර්ලන්තයේ අළුයට සැඟවී තිබෙන වර්ගවාදයේ ගිනි පුපුරු මොරන් කොප් චොකලට්ය මගින් ඉස්මතු වී තිබීම මෙම තත්ත්වයට හේතු වී ඇත. .

Exit mobile version