සුනේත්‍රා ඇතුගල්පුර –
ඡායාරූප ශෂී සුබ්‍රමනියම් –
හෙලිකොප්ටරයක් ආධාරයෙන් මිනිසුන් හා බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීම ස්විස් වැසියන්ට අලුත් අත්දැකීමක් නොවේ. ඇතැම් අවස්ථාවල දී කැලෑ වල කපන ගස් ප්‍රවාහනය සඳහා ද හෙලිකොප්ටර් භාවිතා කරන අතර ඇල්ප් කඳු වැටියේ ආසන්නයේම ජීවත්වන අපට එය සුලභ දසුනකි.
එහෙත් ගවයෙක් හෙලිකොප්ටරයක් ආධාරයෙන් ප්‍රවාහනය කරන දර්ශනයක් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි . බොහෝ විට එසේ වන්නේ ඇල්ප් කඳුවැටියක වෙසෙන ගවයෙකු හදිසියේ රෝගාතුර වීම වැනි අවස්ථාවක දී පමණි. එහෙත් ගවයින් තිස් දෙදෙනෙකු (32)හෙලිකොප්ටරයක් ආධාරයෙන් ප්‍රවාහනය කළ දුලබ අවස්ථාවක් පිළිබඳ සටහනකි මේ .
ඇල්ප් ඉහළ කඳු වැටි වෙත ගමන් කරන මාර්ග ඇතැම් අවස්ථා වල දුෂ්කර හා අවදානම් සහගතය .ඒවා පිළිසකර කිරීම පළාත් ආණ්ඩුවල වගකීමකි. එහෙත් ග්ලාරුස් අව්රන් ඇල්ප් වෙත ගමන් කරන මාර්ගය තවමත් පිළිසකර කර නොමැති බැවින් ගවයින් ට ගමන් කිරීමට සිදු වූයේ හෙලිකොප්ටර් වල ආධාරයෙන්ය. මෙලෙස ගවයින් තිස් දෙදෙනෙකු මීටර් දහසක පමණ උසකින් යුත් ඇල්ප් කඳු වැටිය වෙත ප්‍රවාහනය කෙරිණි . මේ ආකාරයට ප්‍රවාහනය කෙරුණු එක් කිරි එළදෙනෙකුගේ බර කිලෝ ග්‍රෑම් හත්සියක් පමණ වෙයි.
ඇල්ප් අහසේ පැය දෙකකට ආසන්න කාලයක් පියාසර කළ මෙම කිරි ගවයින් ග්ලාරුස් වැසියන්ට කොරෝනා කාලයේදී දක්නට ලැබුණු ප්‍රිය දායක දසුනක් වුවා නොවනු මානය . ඉබ්බෙකු පියාසර කළ හැටි කුඩා අවදියේ දී කතන්දර වලින් අසා ඇති අපට අද ගවයින් තිස් දෙදෙනෙකු ඇල්ප් අහසේ පියාසර කෙරෙනු හැටි දැක ගැනීමට ලැබීම ආශ්වාද ජනක අත්දැකීමකි .