කලම්බො කිංග්ස් පුහුණුකාර හර්ෂල් ගිබ්ස් තනතුරින් ඉවත් කරයි.

ක්‍රීඩකයෙක් හා කළමණාකාරිත්වය අතර මත ගැටුමක් දුර දිග ගිහින්...

කලම්බො කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් හා කළමණාකාරීත්වය ඇත ඇති වූ ආරවුලකින් අනතුරුව  කළම්බො කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පහුණුකරු හර්ෂල් ගිබ්ස් එම තනතුරින් ඉවත් කර සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ රංගන හේරත් එම තනතුරට පත් කර ඇතැයි වාර්තා වේ.

එල්.පී.එල්. තරගාවලියේ ජාත්‍යාන්තර විස්තර විචාරකයෙක් ලෙස එක්වීමට සිටි හර්ෂල් ගිබ්ස් විශේෂ ඉල්ලීමක් කර මෙම තනතුරට  පත් කරගන්නේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගිනි.

මේ අර්බුදය ඇති වන්නේ  එල්.පී.එල්  කි‍්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිතව තිබිය දීයි.


කලම්බො කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ හර්ෂල් ගිබ්ස් දකුණු අපි‍්‍රකානු පිලේ හිටපු ආරම්භක පිතිකරුවෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version