එල්.පී.එල් කතාව වෙනස් කළ ගාල්ලේ පෙරළිය

ධනංජය ලක්ෂාන්

එල්.පී.එල් තරගාවලියේ ශූරතාවය දිනා ගනු ඇතැයි කැට තැබූ ඇන්ජලෝ මැතිව්ස් ගේ කලම්බො කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මොහොතේ තරගාවලියේ පෙරළියක් කරමින් ඉදිරියට පැමිණි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් වටය සඳහා ඊයේ (13) සදුසුකම් ලබා ගත්තේය.

ඒ, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍‍්‍රඩාංගණයේ පැවති පළමු අවසන් පූර්ව තරගය කඩුලූ 2 කින් ජය ගනිමිනි.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා තරගයේ තීරණය වෙනස් කිරීමට සමත් වූයේය.  පිට පිටම මුල් තරග වට පරාජයට පත් වන විට කණ්ඩායමේ සංයුතිය වෙනස් කරමින් ධනංජය ලක්ෂාන් හා නුවන් තුෂාර කණ්ඩායමට එක් කිරීමට කළමනාකාරිත්වය ගත් තීන්දුව තරගාවලියේ දී ගාලු කණ්ඩායම ගමන් කළ දිශානතිය වෙනස් කළේය.  මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ගාල්ලේ උපත ලද ක්‍රීඩකයන්ය. ධනංජය ලක්ෂාන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේය. නුවන් තුෂාර ගාල්ලේ ඇත්තන් හඳුන්වන්නේ පොඩි මාලි කියාය. ඔහු ඇල්පියට තලාව කණිෂ්ට විද්‍යාලයෙන් බිහි වුණු ක්‍රීඩකයෙකි.


කාසියේ වාසිය දිනුවේ ගෝල් ග්ලැඩියේටරස් කණ්ඩායමය. ඔවුහු පන්දුවට පහර දීමේ අවස්ථාව කලම්බො කිංග්ස් වෙත ලබා දුන්හ. නියමිත පන්දුවාර 20 දී  ප්‍රභල කලොම්බො කිංග්ස් කණ්ඩායම රැස් කළේ කඩුළු 9කට ලකුණු 150ක් පමණි. එම ලකුණු 150ට

ඩැනියල් බෙල්-ඩ‍‍්‍රමන්ඩ් එක් කළ ලකුණු 70 විය. පන්දු 53 කට මුහුණ දෙමින්  පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සහිතව ඔහු දියත් කළ ඉනිම විචිත්‍ර එක්ක විය.

පන්දු යැවීමේ දී ලක්ෂාන් සඳකැන් කඩුලූ 3 ක් දවා ගත් අතර, නුවන් තුෂාර සහ ධනංජය ලක්ෂාන් කඩුලූ 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ කඩුලූ 8ක් දැවී ජයග‍‍්‍රාහී ඉලක්කය පසුකර යමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූහ.

ධනංජය ලක්ෂාන්

තරගාවලිය පුරා ලකුණු අතරේ රැඳී සිටි ධනුෂ්ක ගුණතිලක මෙම තරගයේදී ලකුණු 13 කට දැවී ගියේය. නායක භානුක රාජපක්ෂ ලකුණු 33 ක්, ශෙහාන් ජයසූරිය ලකුණු 22 ක් සහ අසාම් ඛාන් ලකුණු 21 ක් රැස් රැස් කළහ. අවසන් පන්දුවාර කිහිපයේදී තරගයේ ජය දෙපිලටම දෝලනය වූ අතර අවසන් පන්දුවාරයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ජයග‍‍්‍රහණය සදහා ලකුණු  15 ක් ලබාගත යුතුව තිබිණි. අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළේ කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ඉසුරු උදානය.

එම පන්දුවාරයේදී ධනංජය ලක්ෂාන් එල්ල කළ හයේ පහරකින් සහ ලක්ෂාන් සඳකැන් එල්ල කළ හතරේ පහරකින් විශිෂ්ඨ ජයක් ලැබූ කලම්බෝ කිංග්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ප‍‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කලම්බෝ කිංග්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවතට ඇද  දමමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිය කණ්ඩායම ජයග‍‍්‍රහණය කරා රැගෙන ගිය ධනංජය ලක්ෂාන් පන්දු 23 කදී නොදැවී ලකුණු 31 ක් රැස් කළේය.  කණ්ඩායම් දෙකේ ක‍්‍රී‍්‍රීඩකයින් අතින් උඩ පන්දු කිහිපයක්ම ගිලිහී ගිය අතර, කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් යළි ආබාධයකට  ලක්වූයේය. තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන්ය.

 

 

Exit mobile version