බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

by editor
ජූලි 23, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ගතවූ වසර 10ක කාලය තුළ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ළමා අපයෝජන හා හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 108,581ක් ලැබී ඇති බව ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා පෝල්රාජ් අද (23) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

එමෙන්ම 2026 අප්‍රේල් 30 වන විට මෙරට මහාධිකරණවල විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩු සංඛ්‍යාව 4,421ක් වන අතර, එම සියලුම නඩු සඳහා මේ වන විටත් අධිචෝදනා ගොනු කර අවසන් බව ද ඇය සඳහන් කළාය.

නඩු කඩිනම් කිරීමට නව දත්ත පද්ධතියක්

මෙම අධිචෝදනා ගොනුකළ නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව හරහා, දිවයින පුරා පිහිටි ළමා හා කාන්තා කාර්යාංශ 47ක් සම්බන්ධීකරණය කරගනිමින් විශේෂ දත්ත පද්ධතියක් පවත්වාගෙන යන බව අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. කෙසේ වුවද, නඩු නියාමනයේදී සෑම නඩු දිනයකදීම අධිචෝදනා සම්බන්ධ අත්‍යාවශ්‍ය තොරතුරු ඇතුළත් ලේඛනයක් ජාතික ළමා රක්ෂණ අධිකාරිය සතුව නොමැති බවද ඇය පිළිගත්තාය. මේ වන විට මහාධිකරණ නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතී.

දරුවන්ට බලපෑමක් නැතිව සාක්ෂි දෙන්න වීඩියෝ ඒකක

වින්දිත දරුවන්ගේ රැකවරණය සහ මානසික සුවය තහවුරු කිරීමේ ඉදිරි පියවරක් ලෙස, දරුවන් අධිකරණය වෙත ඉදිරිපත් නොකර, කිසිදු බලපෑමකින් තොර පරිසරයක සිට ඔවුන්ගේ සාක්ෂි වීඩියෝ තාක්ෂණය ඔස්සේ පටිගත කර අධිකරණයට ගොනු කිරීමට කටයුතු සූදානම් කරගෙන යයි.

මේ වන විට ජාතික ළමා ආරක්ෂණ අධිකාරී මූලස්ථානයේ සහ රාගම ‘ළමා පියස’ මධ්‍යස්ථානයේ මෙවැනි වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක දෙකක් ක්‍රියාත්මක වේ. මීට අමතරව ගාල්ල කරාපිටිය රෝහලේ ද වීඩියෝ පටිගත කිරීමේ ඒකකයක් ස්ථාපිත කර ඇති අතර, පද්ධතියේ කටයුතු අවසන් වූ පසු එය සක්‍රීය වීමට නියමිතය. අනුරාධපුර වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකකයේ ද ස්ථාපන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී.

RelatedPosts

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

පළාත් මට්ටමින් මෙවැනි වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක 9ක් ස්ථාපනය කිරීමට නියමිත අතර, රෝහල් ආශ්‍රිතව ඒ සඳහා සුදුසු පරිශ්‍රයන් හඳුනා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ඇතුළු අදාළ පාර්ශ්ව සමඟ මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවද ඇය පැවසුවාය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

Related Posts

court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
පුවත්

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026
පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!
  •   2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!
  • රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.