කැප්පෙටිපොල සිටි අරුගම්බේ දක්වා විනෝද චාරිකාවක් ගිය බස් රථයක් පොතුවිල් ප්රදේශයේ දී පෙරළීමෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තවත් 57 දෙනෙක් තුවාල ලබා තිබේ.
මියගොස් ඇත්තේ, 74 හැවිරිදි වැලිමඩ ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. තුවාල කරුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.තුවාලකරුවන් කෝමාරි තිරුක්කෝවිල් සහ පොතුවිල් රෝහල්වලට ඇතුළත් කර තිබේ.
බස් රථය කෝමාරි ප්රදේශයේදී පාලම ගැටී පෙරළී ගොස් ඇති බවත් සඳහන් වේ.







