යුරෝපයේ සහ ඉන්දියාවේ සංචාරක නියෝජිත ආයතන ශ්‍රි ලංකාවේ ගුවන් තොටුපළ විවෘත කරන දින පිළිබඳව විමසන අතර මේ වනවිට ජූලි අගොස්තු මාසවල කාමර වෙන් කිරීම් පිළිබඳව විමසිම් සිදු කෙරෙන බව ශ්‍රි ලංකා සංචාරක අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය ඊයේ අල් ජසීරා රූපවාහිනියේ පැවති ඉන්සයිඩ් ස්ටෝරි වැඩසටහන සමඟ එක්වෙමින් ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාව කොවිඩ් 19 වසංතයෙන් අඩුම බලපෑමක් ඇති වූ රටක් ලෙස ශ්‍රි ලංකාව පිළිගැනෙන හෙයින් මෙරටට යළි විවෘත කිරීමෙන් පසුව සාපෙක්ෂව දීර්ඝ කාලයක් ශ්‍රි ලංකාවේ ගත කරන සංචාරකයන් බ්‍රිතාන්‍ය ප්‍රංශය ජර්මනිය වැනි රටවලින් පැමිණීමට උනන්දුවක් දක්වන බවක් පෙනෙන්ට ඇති බව සභාපතිනිය අල්ජසීරා වෙත වැඩිදුරටත් ප්‍රකාශ කළාය. එසේම ඉන්දියාවේ ධනපති පන්තියේ පුද්ගලයන්ද මෙලෙස ශ්‍රි ලංකාවේ හොටල් වෙන් කිරීම් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බව ඇය පවසයි.
මෙම සංචාරකයන් ශ්‍රි ලංකාවට ඇතුළු වීම සඳහා වීසා නිකුත් කිරීමේදී ඔවුන්ගේ සෞඛ්‍යය සම්බන්ධ සහතිකයක් ලබා ගැනීම කෙරෙහිද අවධානය යොමු ව ඇතැයි සඳහන් කළාය. ශ්‍රි ලංකාවට පැමිණීමට පෙර සති දෙකක් තුළ කොවිඩ් 19 සඳහා පිසීආර් පරීක්සණයක් සිදු කළ යුතු අතර මේ වනවිට පවතින තත්ත්වය අනුව පැමිණෙන සංචාරකයන් සති දෙකක් අදාළ හෝටලය තුළ නිරෝධායනයට ලක් විය යුතුය. මේ අනුව ශ්‍රි ලංකාවේ දිගු කාලයක් රැදී සිටින සංචචාරකයන් බලාපොරොත්තු වන බව ඇය සඳහන් කළාය.