ශ්රී ලංකා ඇෆ්ගනිස්ථාන පළමු එක් දින තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 50 අවසානයේ දී සියලු දෙනාම දැවී ලකුණු 268ක් ලබා ගත්තේය.
අද කණ්ඩායමට විශේෂ එකතු වීමක් සිදුවිය. ඒ අයි.පී.එල් තරගාවලිය හරහා ලෝක අවධානය දිනා සිටි මතීෂ පතිරණ සහ ආබාධයට ලක් වී සිටින වනිදු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ශ්රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලැබීමය.

කෙසේ වෙතත් කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම මුලින්ම පන්දු රැකීම තේරීමේ යහපත් ප්රතිඵළ ඔවුන් ලබාගෙන තිබිණි.
කලකට පසු එකදින පිටියට එක්වූ ශ්රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ලකුණු 04කට දැවී ගියේය. ඉනිම ආරම්භ කළේ ඔහු සහ පැතුම් නිශ්ශංකය.
කුසල් මෙන්ඩිස් සාර්ථක වූයේ නැත. ඔහු ලකුණු 11කට දැවී ගියේය. මුහුණ දුන්නේ පන්දු 17කට පමිණි.
ඈන්ජලෝ මැතිව්ස් යළිත් සාර්ථක වූයේ නැත. ඔහු පන්දු 21ක දි ලබා ගත්තේ ලකුණු 12කි.
පැතුම් නිශ්ශංක සුපුරුදු විශ්වාසයෙන් යුතුව පහර එල්ල කරමින් එක අන්තයක් බිඳී යද්දී අනේක අන්තය රැකගෙන පන්දු 59ක් තුළ ලලකුණු 38ක් රැස් කළේය. ඊට හතරේ පහර 05ක් ඇතුළත් විය.
ඉනිමේ වැදගත්ම සම්බන්ධතාවය ගොඩනැගුනේ චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා අතරය. ධනංජය ලකුණු 51 ලැබුවේ. ඔහු සහ චරිත් අසලංක අතර ලකුනු 99ක සම්බන්ධතාවයක් ගොඩනැගුනි.

චරිත් අසලංක එක් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේය. ඔහු ලකුණු 91ක් ලබා සිටිය දී අවසන් පන්දු ඕවරයේ පළමු පන්දුවට දුවද්දී දැවී යෑමට හසු විය. චරිත් ගේ ලකුණු 91 ලබා ගැනීමට ඔහු පන්දු 95කට මුහුණ දුන්නේය. ඊට හතරේ පහර 12ක් ඇතුළත් විය. ශ්රී ලංකා ඉනිමටම එල්ල වූයේ එක් හයේ පහරක් පමණි. ඒ දසුන් ශානකගෙනි. නායක දසුන් ශානක පන්දු 20කට මුහුණ දී ලකුණු 22ක් ලැබුවේය.
පන්දු යැවීමේ දී ෆසාල්හක් ෆාරුකී ලකුණු 58 කඩුලු 02ක්, ෆරීඩ් අහමඩ් ලකුණු 43ට කඩුළු 02ක්, අස්මතුල්ලා ඕමාර්සායි, මුජීබ් උර් රහ්මාන්, නූර් අහමඩ්, මොහොමඩ් නබී එක් කඩුල්ල බැගින් ලබා ගත්තේය.
ජයග්රහණය වෙනුවේන් ඇෆ්ගනිස්ථානයට ලකුණු 269ක් ලබා ගත යුතුය. එසඳහා ඔවුන් පන්දු ඕවරයකට 5.36කට වඩා වැඩි වේගයක් රඳවා ගත යුතුය.