තරගාවලිය නිමා වන්නටත් පෙර ශ්රී ලංකාව පන්දුවර 20යි විස්ස තරගාවලියෙන් පරාජය විය. ඒ අද (250 අළුයම යළිත් කඩුළු 05ක පරාජයක් ලබමිනි.
වගකීම් රහිත පිතිකරුවන් විසින් අයාලේ යැවූ ශ්රී ලංකා ඉනිම තරගය නැරඹූ ක්රීඩා ලෝලීන් කළකිරීමටක පත් කළේය.
තරගයේ කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07 ක් දැවී රැස්කළේ ලකුණු 111 කි.
කුසල් මෙන්ඩිස් පන්දු 39 කදී ලකුණු 39 ක්ද, කුසල් ජනිත් පෙරේරා පන්දු 25 කදී ලකුණු 21 ක්ද, ඉසුරු උදාන පන්දු 14 කදී නොදැවී ලකුණු 19 ක් රැස්කළේය.
ඉනිමටම එපමණකි. විලි ලජ්ජාව වන්නේ අන් කිසිම පිතිකරුවෙක් ලකුණු 08 සීමාව පසු නොකිරීමය. පන්දු යැවූ මාර්ක් වුඩ් සහ ඇඩෙල් රෂීඩ් කඩුලු දෙක බැගින් බිඳහෙළූහ.
මෙවැනි ලකුණු ගණනක් එංගලන්තය වැනි කණ්ඩායමකට ඉලක්කයක් වූ විට පන්දු යවන්නන්ට කළ හැකි දෙයක් නැත.
එහෙත් ශ්රී ලංකා පන්දු යවන්නන් පළමු පන්දුවාර 7 තුළ සිය වගකීම ඉටු කරමින් ජයග්රහණය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ඇති කළහ. ඒ, පන්දුවාර 7 ක් තුළ එංගලන්ත ඉනිමේ කඩුළු 04 ක් ලකුණු 36 කට බිඳ හෙලමිනි. එහෙත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ හේතුවෙන් පන්දුවාර 18 කදී එංගලන්තයට හිමිවූ ජයග්රාහී ඉලක්කය ලකුණු 103 ක් සේ ලඝු විනි.
එය පන්දුවාර 16 යි එක් පන්දුවකදී කඩුළු 05 ක් පමණක් දැවී සපුරා ගැනීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ. ලෑම් ලිවින්ග්ටන් ලකුණු 29ක් හා සහ සෑම් කරන් ලකුණු 16ක් ලබාගෙන තරගය ජයග්රහණය කරා රැගෙන ගියහ.
පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුළු 02 ක් බිඳ දැමුවේය.