කටාරයේ පැවැත්වෙන ලෝක කුසලාසලාන පා පන්දු තරගාවලියේ තවත් පෙරළියක් වාර්තා කිරීමට අද ජපානය සමත් විය. ඒ සිව් වරක් ලෝක කුසලානය ජයග්රහණය කර ඇති ප්රබල ජර්මන් කණ්ඩායම පරදවා ගෝල 2ට 1ක් ලෙස ජයග්රහණය වාර්තා කරමිනි.
ජර්මානු කණ්ඩායම පළමු අර්ධය අවසාන වනවිට 1ට 0ක් ලෙස තරගයේ ඉදිරියේ සිටියේය.ෙ තරගයේ 33 වන මිනිත්තුවේදී ජර්මානු කණ්ඩායමේ İlkay Gündoğan දඬුවම් පහරක් සාර්ථක කරගැනීමෙන් එම ගෝලය වාර්තා කළේය.
කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධයේ 75 වන මිනිත්තුවේදී ක්රියාත්මක වූ Ritsu Doan ජපානය වෙනුවෙන් ගෝලයක් ලබාගෙන තරගය සම කළේය. පෙරළිකාර ජයග්රහණය වාර්තා වන්නේ තරගයේ 83වැනි මිනිත්තුවේ දී ය. ප්රබල ජර්මන් කණ්ඩායමට එරෙහිව ජයග්රාහී ගෝලය වාර්තා කිරීමට ජපාන ක්රීඩකTakuma Asano සමත්විය.
මින් පෙර ලෝක පූජිත ක්රීඩක ලයනල් මෙසී ගේ ප්රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරාජයට පත් කරමින් සවුදි අරාබිය පෙරළිකාර ජයග්රහණයක් වාර්තා කළේය.