පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් ලීගය සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය නැමීබියානු කණ්ඩායම සමග අබුඩාබිහිදී අද (17) රාත්‍රී 7.30ට ආරම්භ වේ.
නැමීබියාව දකුණු ආසියානු රටකට එරෙහිව විස්සයි 20 තරගයකට එක්වන පළමු අවස්ථාව මෙයය.
අද තරගයේදී කුසල් ජනිත් සමගින් පැතුම් නිස්සංක, ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනු ඇති බවත් දිනේෂ් චන්දිමාල් අංක 03 පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කිරීමට නියමිත බවත් වාර්තා වේ. අංක 4 පිතිකරු ස්ථානයේ අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කරන බව ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේය.
අවිශ්ක ප්‍රනාන්දු අංක 4 පිතිකරු ලෙස යොදා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස නම් කළ මහේල ජයවර්ධනගේ සැලසුමක් බව මිකී ආතර් මෙහිදී කියා සිටියේය.
ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තවත් තරගයක් මේ වනවිට අයර්ලන්තය සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙමින් ඇත.