ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුනු 345ක් ලබා සිටිය දී සිය දෙවන ඉනිම අත්හිටවූයේය. දෙවන ටෙස්ට් තරගයේ හොඳම ශ්රී ලංකා ඉනිම 09වන කඩුල්ලට ගොඩ නැගූ ධනංජය ද සිල්වාගේ සහ ලසිත් ඇඹුල්දෙණියගේ සම්බන්ධතාවය බිඳී යෑමත් සමගය.
ධනංජය ද සිල්වා ලකුණු 155ක් ගෙන නොදැවී සිටියේය.
ලසිත් ඇඹුල් දෙනිය අද උදෑසන ලකුණු 39කට දැවී ගියේ ජේසන් හෝල්ඩර් ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙනි. 9 වන කඩුල්ල වෙනුවෙන් ලසිත් ඇඹුල්දෙණිය සමග එක්ව ධනංජය ද සිල්වා විසින් ලකුණු 124ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය. ප්රවීන් ජයවික්රම පන්දුවට පහර දෙන්නට පැමිණියේ නැත.
මේ වනවිට ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 296ක් ඉදිරියෙනි. ලකුණු 297ක ජයග්රාහී ඉලක්කයක් බටහිර ඉන්දීය කොදෙව්වන් වෙත ලැබී තිබේ. ශ්රී ලංකා දඟ පන්දු යවන්නන් කොදෙව්වන්ට එල්ල කරන අභියෝගය මත තරගයේ අවසානය තීරණය කරනු ඇත.