සවකීය රට සහ කණ්ඩායම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ස්වකීය සේවය කැපකිරීම සඳහා ඉදිරිපත් වෙමින් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කළ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධනට ඇමරිකානු ඩොලර් 15 000ක දීමනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් පසුගිය සැප්තැම්බර් 30 දා අනුමත කර කර තිබේ. මෙම මුදල දල වශයෙන් රුපියල් ලක්ෂ 30කට ආසන්නය.
මෙම දීමනාව සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධ මාධ්‍යයේ කිසිවක් ප්‍රකාශ කර නොතිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා සමග වූ සාකච්චාවකදී මහේල අදාළ ගිවිසුමේ වගන්තිවලට එකඟවී ඇති බව පමණක් සඳහන් වී තිබිණි.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වීමට පෙර පුහුණු උපදේශක ලෙස කිසිදු දීමනාවක් ලබා නොගන්නා බව මාධ්‍යයට ප්‍රකාශ කළ මහෙල ජයවර්ධනට මෙවැනි දීමනාවක් අනුමත කිරීම ගැටලු කාරී තත්වයක් ඇති වී තිබෙන්නේ මහේලව අපහසුතාවට පත් කිරීමේ අරමුණෙන් යම්කිසි පාර්ශවයක් මෙය සිදු කළේද යන්න තැන තැන විමසන හෙයිනි.
(ශ්‍රී ලංකන් ටයිම්ස්)